~ Liya thambara mrudu kusumaki Aaa ~
ලියතඹරා.. මෘදු කුසුමකි ඈ..
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා..
නෑ ලෝකෙ.. ජීවේ ඇයයි..
නෑ ලෝකෙ.. ජීවේ ඇයයි.. //
මායාව.. මායාව.. ලොව රවටනා..
සිහිනයකි.. සිහිනයකි.. අඳුරෙ පාවෙනා..
වීනාවේ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි..
මා හදට රස ගෙනෙන.. මදුවිත ඇයයි..
ලියතඹරා.. //
මිරිඟුවකි.. මිරිඟුවකි.. අප රවටනා..
දුර ඈත.. සිතිජයකි.. ඉම නොපෙනෙනා..
නිල් නයන.. බිගුකැලකි.. නෙත් සරය සුමුදුයි..
මගෙ ජීවෙ.. වැලි කතරෙ.. දිය බිඳ ඇයයි..
ලියතඹරා.. //
ගායනය - ආත්මා ලියනගේ