~ Weralu Gedi Pehena ~
වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..
වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..
මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගඟ අයිනෙ අපි දෙන්නා කරමින් කතා
මැව් හීන උහුලන්න බැරි දැන් තමා
වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සඳ වගේ බැබලුනා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීලා ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..
වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනි වුනා
වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සද වගේ දිලිසුණා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීල ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..
වෙරළු ගෙඩි පැහෙන කාලේ..
නුඹ බැන්ද ආලේ.. පුන් සද වගේ බැබලුණා..
රට දෙල් වැටෙන කාලේ.. දුක දීල ආයේ..
මගෙ ලෝකෙ කලුවර උනා..
මගෙ ලෝකෙ කලුවර උනා..
මගෙ ලෝකෙ කලුවර උනා..
ගායනය - චාමර රණවක
No comments:
Post a Comment