~ Susumata susumak muhuwana unuhuma obamaya ~
කොදමල් ඇතිරු සද යහනාවේ සතපා සනසන්නම්..
ඔබේ සිත මද සිහිලෙන් නිවුනාවේ..
සිහිනය හඬමින් දේ තිබුණාවේ මතකේ නැලවෙන්නම්..
ඔබේ හඬ විතරක් මට ඇහුණාවේ...
නිහඬතාවේ වයන්නේ සංගිතේ....////
සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....////
තුරු වියනට.. පිණි කැට වැටෙනා විට..
ඒ හඬ කවියකි නිසංසලේ...
දිය කදුරක පොඩි පෙණ නැගෙනා විට..
සංධ්වණියකි පෙම් ප්රගීතයේ..
නිහඬතාවේ වයන්නේ සංගිතේ.....//
සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....////
අපටම වෙන්වුණු මේ නිදි නැති රෑ...
බවුන් වඩනවා හෙමින් සැරේ...
කිසිදා නොසිදෙන ආදර උල්පත..
ගලා හැදෙන හැටි හදෙන් හදේ..
නිහඩතාවේ වයන්නේ සංගිතේ....//
සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය....////
ගායනය - සංඛ දිනෙත් සමගින් උරේෂා රවිහාරී
No comments:
Post a Comment