Showing posts with label සුරේන්ද්‍ර පෙරේරා. Show all posts
Showing posts with label සුරේන්ද්‍ර පෙරේරා. Show all posts

Wednesday, October 23, 2013

෴ හීනයක් වගේ ෴

~ Heenayak wage ~

තාමත් මුණ ගැහුනේ නැතත් ඇස්‌ දෙක ඔබේ
හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්...

.
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා