Showing posts with label කසුන් කල්හාර. Show all posts
Showing posts with label කසුන් කල්හාර. Show all posts

Thursday, October 17, 2024

෴ සඳ මිතුරි ෴

 ~ Sanda Mithuri ~


ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ

විදගන්න ඒ සිසිල ම සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන්

සද මිතුරි සිත මිහිරි කල මැනවි

බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...


මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන

ඈතට වෙලා අපි අපිම වී ඉතින්

නව ලොවට මුල් අනු දෙන්න

මිල නොවන පෙම් කවිය පබදන්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දලු ලන්න මිහිකත මතින්

සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..


ඉගිලෙන්න ඔබ එක්ක...


ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්

ප්‍රේමයට ප්‍රේමය වෙන්න

නිල නොවන ජිවිතය පුබුදන්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දලුලන්න මිහිකත මතින්

සිහිනේ සරනා කිරණින් දැවෙනා..


Artist : Kasun Kalhara

෴ ඇරඹුමම කඳුලක් වෙලා ෴

~ Arambumama Kandulak Wela ~


ඇරඹුමම කඳුලක් වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ තුරක් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා


දුක් බරව කවියක් ලියා

එහි පද පෙලක් අඩුවෙන් තියා

අරුත පසිඳින්නට කියා

අවසානයට පෙර ඈ ගියා


ශෝකාන්තය එනතුරා

එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා

අනන්තය ලග මා දමා

අවසානයට පෙර ඈ ගියා


ඇරඹුම ම කඳුලක් වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ තුරක් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා


Artist : Kasun Kalhara

Tuesday, April 28, 2020

෴ මල් මිටක් තියන්න ෴


~ Mal Mitak Thiyanna ~

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ

තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ

ගායනය: කසුන් කල්හාර

Sunday, October 27, 2013

෴ ඔබ පිපුනා ෴

~ Oba pipuna ~

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ..
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ..
ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ..
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ..
ඔබ පිපුනා.....

ආදරේ මං මේ දකින සිහිනෙට..
හතර වට මල් පිපෙන මේ සිහිනෙට..
නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට..
මටම මා රැවටෙනා  සිහිනෙට..
ඔබ පිපුනා....

ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි..
දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි..
වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි..
සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි..

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ..
ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ..
ඔබ දිලුනා නිල් තරු වැරූ අහසේ..
ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ..
ඔබ පිපුනා.....

.
ගායනය – කසුන් කල්හාර ජයවර්ධන

Saturday, October 26, 2013

෴ සිහිනයට තරම් ෴

~ Sihinayata tharam ~

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ...
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ...

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර...
සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර...

සිහිනයට තරම්........

කඳුලක් ළඟට දුර තව දුරස් කලේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර...
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ සඳ කිරණක් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ...

සිහිනයට තරම්........

.
ගායනය - කසුන් කල්හාර / ප්‍රතිභා ප්‍රභා

Wednesday, October 23, 2013

෴ මත් මල් සේනා ෴

~ Math mal sena ~

මත් මල් සේනා පාවී පාවී.. දෑසේ දැවටේ මා..
සිත්තම් වීලා මා නෙත් මානේ.. සෙනෙහේ සුවසේමා..
ලා.. ඉරේ රන් ගැවිලා.. සදා ස්නේහයේ මල් වැහි වෑහුනා..

පිපි හාදු සුළගේ.. මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා...
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා...

උදාවේ..මා.. සැඳෑවේ..මුදා...
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

ඕ...ඔබ ගාව සිහිනේ.. හිත හීන නෙළුවේ..
රෑ තුන් යමේ හිත් පුරා...
නොදොඩාම දෑසේ.. කවි ගීත මැවුනේ..
දෙතොලේ සුසුම් උතුරලා...

උදාවේ..මා.. සැදෑවේ..මුදා...
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

.
ගායනය - කසුන් කල්හාර

Sunday, October 20, 2013

෴ එක වසන්තයක එක රාත්‍රියක ෴

~ Eka wasnthayaka eka rathriyaka ~

එක වසන්තයක.. එක රාත්‍රියක..
දැනුනා මතකයි.. මට ඉබේම වාගේ.. ඔබෙ සුවද..
එක හුස්මක්වත්.. ගන්නට ඉඩ නැති තරමට..
දැනුනා.. විතරක් මතකයි..

හද ලුහුබැද ඉව කරනා..
පෙර සසරක සුපුරුදු සුවඳ..
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද..
ඔබමද ඒ සොඳුර..

මේ වසන්තයෙදි හමුවන සුළඟ සමග..
සසැදී පැහෙන්නට හිතයි මට..
ඔබෙ සුවඳ සමග මුසු වනු පිණිස..
මගෙ සුසුමක් තියන්නද..
සිහිවනු පිණිස.. සොඳුර..

මේ වසන්තයම ගතවී යන්නට පෙර..
තුරුලේ.. ඇහිරෙන්නට.. පතමි මම..
ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස..
මගෙ හැගුමක්.. තියන්නද..
ගිවිසනු පිණිස.. සොඳුර..

එක වසන්තයක...


ගායනය - කසුන් කල්හාර

Saturday, October 19, 2013

෴ තරු කැටයක් වී ෴

~ tharu ketayak wee ~
 
තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා...
මේ තනිකම හැරදා...
 

තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා...
මේ තනිකම හැරදා...
 

පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ දිලෙනා.. තරුව වෙලා

මේ ජීවිතේ... මේ ජීවිතේ...


ගායනය - කසුන් කල්හාර