Friday, October 18, 2024

෴ සඳමාලි ෴

 ~ Sandamali ~


මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

ඉද්දි මඟහැරී ගියා වස්සානෙ

කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

මං ළඟට බැස්ස මෙ යක්ශනි

කුණුගොඩේ මැස්සා මං

තේරුම් ගත්තෙ පස්සෙ මං

ඒත් මම පනපිටින් සඳමාලි

සිඳීයන සන්තකේ Salary නිවන් දකී

අනේ අනිච්චං සංසාරේ

සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන

මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන

දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා

හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා

ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර

මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර

මේ ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට

උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට

පැනලා යමු කිව්වා

මමත් ගොනා වගේ ඇහුවා

පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා

උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා

අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා

උඹ තරුවක් කරලා

මාව පොලවට එවලා

අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා

ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා

උඹ ගියා පැදුරටත් නොකියම මගෙ ආදරේ මඟ හැරලා

උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ

මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි

කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්

මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

ඉද්දි මඟහැරී ගියා වස්සානෙ

කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

මං ළඟට බැස්ස මෙ යක්ශනි

කුණුගොඩේ මැස්සා මං

තේරුම් ගත්තෙ පස්සෙ මං

ඒත් මම පනපිටින් සඳමාලි

සිඳීයන සන්තකේ Salary නිවන් දකී

අනේ අනිච්චං සංසාරේ

බස් එකේදි දැක්කෙ

දැකපු ගමන් වැදුනා බොක්කෙ

ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ

අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්

මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්

කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක,

සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක

මචං උඹට කොහොම

මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි

ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක

කෝටිපති බෑනා මගෙ නැන්දගෙ සුදු බෑනා

දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා

කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා

මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA

ඔයා මගේ පන කියල

ඔලුව ඉඹලා සිංදු කියල

හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා

අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා

කෝ පුතේ අර උඹේ සුදු නෝනා කියල

දුකයි මචං ගොඩක් වහ බොන්න හිතුනා අනන්තවත්

රට්ටු අහන වලට කෝ බං දෙන්න උත්තර

ලැජ්ජාවේ සංතෝසයි දාමත් මම තනිකඩයි

උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම

ඉද්දි මඟහැරී ගියා වස්සානෙ

කලකට ඉස්සර දෙවඟන වෙස්වලා

මං ළඟට බැස්ස මෙ යක්ශනි

කුණුගොඩේ මැස්සා මං

තේරුම් ගත්තෙ පස්සෙ මං

ඒත් මම පනපිටින් සඳමාලි

සිඳීයන සන්තකේ Salary නිවන් දකී

අනේ අනිච්චං සංසාරේ


Artist - Sahan Putha

Thursday, October 17, 2024

෴ මතකයි හිත හැඬුවා එදා ෴

~ Mathakai Hitha Handuwa Eda ~


මතකයි හිත හැඬුවා එදා..

මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..

හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..

පැවසූ ආදරේ හීනයක් වෙලා..

මතකයි හිත හැඬුවා එදා..

මගෙ හිත නැවතුනුදා..

හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..

පැවසූ ආදරේ හීනයක් වුනා..

තුරුළු කරන් මගෙ ළඟට ඔයා..

හිතට හොරෙන් ආදරෙයි කියා..

අනේ මම ඔබට ආදරේ කළ තරම්..//


හිතේ කොනක් හෙමිහිට හැඬුවා..

තනිකම තනියට තනි නැතුවා..

ඔබ එන මග බලලා..

හඬනා නෙතු සඟවා..

මගෙ හිත කොහිදෝ තනිවූවා..

සීතල මීදුම් මා සිත පොපියා..

ඔය ගත උණුසුම මතකෙට නැගුවා..

හීනෙට තුරුල් වෙලා..

ඔබෙ ආදරේ පතා..

සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා..


Artist: Shihan Mihiranga

෴ ලොවේ වෙසෙන හැම සතුනටම ෴

- Lowe Wesena Hama Sathunatama - 


ලොවේ වෙසෙන හැම සතුනටම..

බුද්ධං සරණේ සරණයි සරණයි..//

ලොවේ වෙසෙන හැම සතුනටම..

ධම්මං සරණේ සරණයි සරණයි..//

ලොවේ වෙසෙන හැම සතුනටම..

සංඝං සරණේ සරණයි සරණයි..//

ලොවේ වෙසෙන හැම සතුනටම..

මේ තුන් සරණේ සරණයි සරණයි..//


දොහොත් මුදුන් දී වැන්දා..

පසඟ පිහිටුවා වැන්දා..

පෙරළි පෙරළි අපි වැන්දා..

අපේ බුදුන් අපි වැන්දා..


සසර කතර අතරමංව..

හසර නොදැන සිටි සතුනට..

විතර නොමැති කරුණාවෙන්,

යහ මග පෑවා..

ගුණෙන් පිරුන පිනෙන් පිරුන,

මහා ගුණවතා..

මහා පින්වතා..


දොහොත් මුදුන් දී වැන්දා..

පසඟ පිහිටුවා වැන්දා..

පෙරළි පෙරළි අපි වැන්දා..

අපේ බුදුන් අපි වැන්දා..


දුකට පෑව දයා ගුණේ..

සැමට පෑව එක සම සේ..

දුකට පිහිට වී සැමගේ,

සෙත සැලසූවා..

ගුණෙන් පිරුන පිනෙන් පිරුන,

මහා ගුණවතා..

මහා පින්වතා..


දොහොත් මුදුන් දී වැන්දා..

පසඟ පිහිටුවා වැන්දා..

පෙරළි පෙරළි අපි වැන්දා..

අපේ බුදුන් අපි වැන්දා..


Artist: Senanayaka Weraliyadda


෴ මේ ප්‍රථම වසන්තයයි ෴

- Me Prathama Wasanthayai - 

මේ ප්‍රථම වසන්තයයි

දිවි අරණේ මධු මල් පිපෙනා

බිඟු රැව් නැගෙනා

මේ ප්‍රථම වසන්තයයි......


තරු නැගෙන තුරා නිදිබර අඹරේ

සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ

ඔබ සුපුන් සඳක් සේ පායා

පහන් රැයක් වී ආවේ......


සිත පවස දරා මිරිඟුව අතරේ

දිය පහස පතා සිටියදි කතරේ

ඔබ සිහිල් දොලක් සේ පාවී

වසන්තයක් වී ආවේ


Artist : Sanath Nandasiri

෴ සිනා පිපෙනා ෴

- Sina Pipena -

සිනා පිපෙනා මේ වසන්තය

නෙලා දෝතින් මලක් සේ

මඟේ ලොව වෙත ඔබයි ගෙන ආවේ

සිනාසී ඔබයි ගෙන ආවේ

වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි ඔබ නිසා මට

ගම මැදින් හමනා පවන සිහිලැල්

ගම් දොරින් පිටමං නොවේවා

නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

සිනා පිපෙනා…

නිසල සිතුවිලි සසල තුරුලිය

අතර තනිවෙමි ඔබ නිසා සතුටින්

අහස සමුදුර වැළඳ සැනසෙමි තැනක

සඟවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා…


Artist : Samitha Mudunkotuwa & Lakshman Wijesekara

෴ සඳ තරු මල් ෴

 - Sanda Tharu Mal - 

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්

හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්

දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ


ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්

පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්

දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ


ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්

මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්

දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ


Artists: Athula Adhikari & Samitha Mudunkotuwa

෴ තව එක සැරයක් ෴

- Thawa Eka Sarayak - 

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..

නොසඟවා පවසන්නම්..

ඔබට ආදරෙයි මං..

නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..

කුමක් කරන්නද මං..

ඔබට ආදරෙයි නම්..


විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..

එක මලකට පෙම්කරමි සිතින්..

නෙළන්න ආසයි දෝතින් ඒ මල..

මගේම වන්නට හැමදාමත්..


පාළුව තනිකම මට වද දෙන විට..

කෙලෙසද මා එය ඉවසන්නේ..

ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..

ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..


Artist : Roshan Fernando


෴ මේ බස් නැවතුම ෴

- Me Bus Nawathuma - 

මේ බස් නැවතුම

පෙර හැම දිනකම

අප හමුවුනු හැටි දැන උන්නේ

මා තනිවුන බ

ව ඔබ සමුගෙන බව

බස් නැවතුම තව නෑ දන්නේ


ඉස්සර හවසට ඔබ එනතුරු මම

මෙතනම සිටියා දෙනෙත අයා!

එකම රියක නැගඑකම

අසුනෙ හිදගිය හෑටි මතකයි

තවම එදා!!


ප්‍රේමය නිමවුන මා අද තනිවම

රියකට මෙතනින් ගොඩවෙනවා!

ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්

ළගඑකම අසුනේ ඉදගෙන යනවා!


Artist: Punsiri Soyza

෴ ලසොවින් සසැලී ෴

- Lasowin Sasalee - 

ලසොවින් සසැලී..

කළු වළා ඇවිත්,

සිත නිවා දැමූවත් ජීවිතයේ..

පුර පස සඳ වී පායාවී,

ඔබ මගේ ළඟින්..


ගඟ දිය එරෙහිව යන ගමනේ..

මිමිණූ ගීයක තවරාවී..

ඔබ මගේ කියා..//


නල රැල අතු ඉති මත දැවටී..

රහසින් ළංවී පවසාවී..

අපි අපේ කියා..//


Artist: Nirosha Virajini 

෴ සඳ දිය උතුරා ෴

- Sanda Diya Uthura - 

සඳ දිය උතුරා අපතේ යයි

ගිලී නාන්නට එන්න ප්‍රියේ

තරු කැට ගිලිහී දියේ ගිලෙයි

ඒ තරු ඇහිඳින්නට එන්න දියේ


තුරු වැල් අහගෙන සිටින නිසා

කට වහගෙන සිටියොතින් හොඳයි

රාත්‍රියට ඇස් තියෙන නිසා

දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි


හරිම කෙටියි රෑ තුන්යාමේ

හරියට එක යාමයක් වගෙයි

ඉර දුටුවත් නාඬන්න කියා

පණිවිඩයක් යව්වොතින් හොඳයි


Artist : Nirosha Virajini

෴ සිනාතොටක් විය ෴

- Sinathotak Wiya - 

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්

දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං


බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී

සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී

පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී

නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී


මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී


සිනාතොටක් විය.......


Artist: Nirosha Virajini

෴ මුලු නුවරම නිදිගත් ෴

- Mulu Nuwarama Nidigath - 

මුලු නුවරම නිදිගත් මේ මොහොතේ

ඔබ පමනක් අවදිව ඇත යහනේ

එකම හඳක් එක තරුවක් යට

එකම හඳක් එක තරුවක් යට

ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ


වන උයන් පුරා මල් සමය උදාවී

දියදම් දිනිතිය යොවුන් වියේ

අප මධුර මිලනයේ තිවු ගීරාවේ

ප්‍රාර්ථනා කරන්නේ

කවදාද අප හමුවන්නේ

කවදාද අප හමුවන්නේ

ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ


Artist : Nanda Malani

෴ සුළං කපොල්ලේ ෴

- Sulan Kapolle - 

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ...

කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ...



කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...

දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී...

යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී...

පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී...



ඇයට මවක් පියෙක් නොමැත ක්සිතිජ වළල්ලේ...

කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ...

ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ...

ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...


Artist : Nanda Malani

෴ රත්තරන් දුවේ ෴

 - Raththaran Duwe - 

රත්තරන් දුවේ - අපේ රත්තරන් දුවේ

ඔබයි දිවිය අර්ථවත් කලේ

ගියදා පටන් ඉහිල - කුරුළු කුඩුවෙන්

සංතෝෂයක් නෑ හිතේ


ඉගිලිලා ගියේ - සමුගෙන අපේ කුඩුවෙන්

ඔබත් කුඩුවක් තනන්නනේ

ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්

නැවත එන්න පියඹලා දුවේ


හනික එන්න පියඹලා දුවේ ..........//

ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්

ඈවිත් යන්න එන්න සුදු දුවේ .....


Artists : Nanda Malani & Rohana Weerasinghe

෴ තරුද නිදන මහ රෑ ෴

- Tharuda Nidana Maha Ra - 

තරුද නිදන මහ රෑ...

නිදමි මහද නිදි නෑ...

මතක පොතේ කඳුළින් කටු ගෑ

කවි කියවෙයි මහ රෑ...


පිණි විසිරෙන විට වටහා ගනු මැන

දෙනෙතින් කඳුළැලි ගළන තරම්...

රෑහි හඬන විට හඳුනා ගනු මැන

රෑ තුන් යාමේ හඬන හැඩුම්...


සුළඟ නොවේ මේ පාවී එන්නේ

කුටියක සිරවී හෙලන සුසුම්...

අතු අග පරවී බිමට වැටෙන්නේ

සමනල යුගයක පිපුණු කුසුම්...


Artist : Nanda Malani

෴ පිපුණු මලේ රුව ෴

 - Pipuna Male Ruwa - 

පිපුණු මලේ රුව එ මල දනී දෝ

මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා

නැති බැරි කම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා


රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ

නොතළන් හිත මා ආදර දියණියනේ

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ


ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතළන් හිත මා ආදර දියණියනේ

පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ


Artist : Nanda Malani

෴ මේ සිරමැදුරෙන් ෴

-  Me Sira Maduren - 

මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්..

මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්..

පවුරු වළල්ලෙන් එහා රටේ..

අප දෙදෙනා වෙනුවෙන්..

මල් පිපේවි ආදරේ නමින්..//


ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි..

දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි..

විස කටු පඳුරුය අප යන එන මග..

ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්..


ඇසට උරුම ඇස උනන කඳුල පමනයි..

හදට උරුම හද දවන සුසුම පමනයි..

මුළු ලොව සතුරුය අද අප අභිමුව..

ස්නේහයට ඇයි මේ විසකුරු සරදම්..


Artist: Nanda Malani

෴ අම්මාවරුනේ ෴

-  Ammawarune - 

අම්මාවරුනේ…

අම්මාවරුනේ…

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකින දා

සුර ලොව සිට අත පා……

ඒ කඳුළැලි පිසිනා


අම්මාවරු නැති දරුවන්නේ

සංකා දුක් කවුදෝ දන්නේ

ඒ දුක දන්නා අම්මාවරුමයි

යම් මතු දිනයක බුදු වන්නේ

සංසාරේ මතු බුදු වන්නේ


අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා

සිතද බොළද වේ

ලොවම ආදරේ කියා සිතී

මායාවක්වී එහි තනිවූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මා පමණයි ළඟ ඉන්නේ


Artist : Nanda Malani

෴ මා සඳට කැමති බව දැනගෙන ෴

- Ma Sandata Kamathi Bawa Danagena - 

මා සඳට කැමති බව දැනගෙන

ඔබ සඳ අයින් කලා අහසින්

මා මලට කැමති බව දැනගෙන

ඔබ මල අයින් කලා නටුවෙන්


නොයිඳුල් තොල්පෙති අතරෙන්

උදුරාගෙන සිනාව

හදවත නැති මිනිසා ඔබ

නෙත කඳූලැලි ගෙනාව


මා සඳට කැමති බව දැනගෙන

ඔබ සඳ අයින් කලා අහසින්

මා මලට කැමති බව දැනගෙන

ඔබ මල අයින් කලා නටුවෙන්


එක්ටැම්ගෙයි සිරගත කල

සමනලියක අනාත

ජීවිතයම ඔබ අරගෙන

ඇති දුන් වේදනාව


මා සඳට කැමති බව දැනගෙන

ඔබ සඳ අයින් කලා අහසින්

මා මලට කැමති බව දැනගෙන

ඔබ මල අයින් කලා නටුවෙන්


Artist : Nanda Malani

෴ මිරිවැඩි සඟලක් ෴

 -  Miriwadi Sangalak - 

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි

පායුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා


මාවත කටු අතු බොරළු මතක නැත

දෙපා රැඳුණු විට බුමුතුරුණේ

දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ

මැදුරේ දෙසවන් අගුළු වැටේ


සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ

රස මසවුළු වල සුවඳ පිරේ

ඒ රස සුවඳට දෑස අයාගෙන

බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ


Artist : Nanda Malani

෴ සිහිනයක් ෴

- Sihinayak - 


රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්

නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්

සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී

අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී


පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි

වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි

යවුවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ

සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැවුවා

අප වටකර සිහිනයක් මැවුවා

ඔබ මගෙ කර සිහිනයක් මවුවා

ප්‍රියාදරියේ..........//


රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්

නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්

සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී

අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී


මා සුන්දර සිහිනයක් මැවුවා

අප වටකර සිහිනයක් මැවුවා

ඔබ මගෙ කර සිහිනයක් මවුවා

ප්‍රියාදරියේ..........///


Artist : Nadeeka Jayawardana


෴ මට කියන්න ෴

 - Mata Kiyanna - 


මට කියන්න හැමදෙයක්ම..

හිතේ තියෙනා දුක නිවෙන්න..

හදේ ගැස්ම දැනෙනා තැනක..

මං ආසයි අහන් ඉන්න..


ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුල..

මෙනෙහි කරමින් අඳුරු සිතින්..

මගේ දහමින් මිදිලා රැඳෙමින්..

හැකිවේද සිතනු රිසින්..


දුක රැඳෙයිද හැම දිනක්ම..

නෙතු අගින් කඳුලෙන් අප තෙමන්න..

රැඳෙන්න අවසරයි සොඳුර..

පුදමි දෝතින් වසන්තය..


Artist: Nadeeka Jayawardena

෴ පෙරවදනක් නැති ෴

- Perawadanak Nathi -

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...

මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//

හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....

සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්

මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.......


එක සෘතුවකට පසුව.....

නව සෘතුවක් පැමිණේනම්

ගහ කොල මල් දලු ලා යායට

අලුතින් සැරසේ නම්

මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...


පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...

මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//

මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..////


Artist : Nadeeka Jayawardane

෴ නොනැවතී කැරකැවෙනා ෴

- Nonawathee Karakawena - 

නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ

කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ //

වාලුකා කතරෙන් සත් සමුදුර මතින්

ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ . . .


උතුරා යන්න මග බලන ගිනිකඳු වලට හිම වැස්සක් වී

ගන අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී

වාලුකා කතරෙන් සත් සමුදුර මතින්

ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ මිතුරනේ . . .


නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ

කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ

මිතුරනේ . . . ///


Artist : Nadeeka Jayawardana


෴ දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි ෴

 - Dewiyani Oba Maw Lowa Pudumai - 


දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..

පහන ළඟයි ආලෝකේ දුරයි..


සඳට ආසා කරනා කුරුල්ලෝ..

ඉන්නෙ වනේ කැදැල්ලේ..

සිත ගත් හැම දර්ශනයම ලෝකේ..

ඇයි අතින් ඔබ මැව්වේ..

ඒකද යුක්ති ධර්මෙ මහා..

මේකද යුක්ති ධර්මෙ මහා..

පහන ළඟයි ආලෝකේ දුරයි..


වනයේ ගස්වල මල් ඵල සේරම..

එහි නොතබා බිම හෙළුවේ..

ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන..

ලෝකෙට ඇයි දුක දුන්නේ..

ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ..//

පහන ළඟයි ආලෝකේ දුරයි..


Artist: Mohideen Beg

෴ ඔබ වෙනුවෙන් මා ෴

- Oba Wenuwen Ma - 

ඔබ වෙනුවෙන් මා..

ගැයු ගී පෙරදා..

යළි ඔබ සවනේ නොරැඳී නොගැටී..

සුලඟේ මිලින වුනාවේ..


දවනු දැනේ සිසි කිරණ පවා..

සිසිල නොදේ මද පවන පවා..

ඔබ මුව පියුමේ..

තොල් පෙති අතරේ..

ඔහුගේ නම රැඳුනාවේ..


සුවඳ දැනේ ඔබෙ උදය හවා..

කඳුලු නැගේ නෙත රැයද දිවා..

ඔබ මුව පියුමේ..

තොල් පෙති අතරේ..

ඔහුගේ නම රැඳුනාවේ..


Artist: Milton Mallawarachchi

෴ පබසර රන් පබළු ෴

- Pabasara Ran Pabalu - 

පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ..

රජ කිරුළු අගය නැතේ..

ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ..

දිළිඳු පැලේ එළිය ඇතේ..


ගඟ බැස එයි සයුර බලා..

හිරු හිනැහේ නෙළුම නෙලා..

නෙත සිත හා එකතු වෙලා..

ඔබ දැකුමෙන් උමතු වෙලා..


කළුවර රෑ රළු අහසේ..

තරුවැල හා අඩ සඳ සේ..

නොපිරුණු මේ සිතට මගේ..

ඔබ ගෙන එයි සතුට අගේ..


Artist : Mervin Perera

෴ මා සනසා ෴

- Ma Sanasa - 

මා සනසා..

මා නළවා..

සුරංගනාවක් හෙමින් ඇවිල්ලා..

හදේ ලැගුම් අයැදියි..


විතක් මධු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා..

ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා..

හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා..

සිහින ළොවක පාවේ..

සඳුන් සිහිල යාවී..


රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා..

යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා..

හෙටත් සඳ උදාවේ රැයත් පැමිනිලා..

සිහින ළොවට යාවී..

සුරඹ මා සොයාවී..


Artist : Mervin Perera

෴ මේ නගරය ෴

 - Me Nagaraya - 

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..

මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..


වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..

නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..

සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..


ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..

සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..

ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..


Artist: Mervin Perera


෴ එක් දිනක් සැන්දෑවක ෴

 - Ek Dhinak Sandawaka - 

එක් දිනක් සැන්දෑවක මම,

හිතවතෙකුට දුරකථනෙන් කතා කලා..

යොමුවෙලා වැරදි අංකයක්,

අන් කෙළවර සිට අඟනක් කතා කලා..


සුමිහිරි ලස්සන ඒ පියකරු හඬ,

හදවත වසඟ කලා..

ඒ කටහඬ යලි අසන නියායෙන්,

යළි යළි කතා කරා..

නම්බර දහසක් යොමුකර වූයෙම්,

ඒද හමුවූයේ නෑ..

කැළැඹුනු මා සිත ඇතිවුනු සෙනෙහස,

ඉන් අඩුවූයේ නෑ..//


මා මුමුණන මේ ගීතය ළඳුනේ,

සවනට ඇසෙනවා නම්..

එවන් සැඳෑවක ඔබ අමතන තුරු,

ඉවසිල්ලෙන් ඉන්නම්..

කොතැනක කොයිබක කවුරුන් වේවා,

කටහඬ සවන පතයි..

අමතනු මැන මට මගෙ දුරකථනයෙ,

අංකය විසි හතරයි..//


Artist: Mervin Perera

෴ ඔබ දේදුන්න ආකාසයේ ෴

 -  Oba Dedunna Akasaye - 

ඔබ දේදුන්න ආකාසයේ

අන්දා තබා යන තෙක් විත් බලා

එය සේදෙන්න වැහි මේකුලේ

සැංගී හමා එමි කඳුලැල් සලා


ඔබ දේදුන්න ආකාසයේ…


සුළ‍ඟේ නලවා පෙරසේ එනවා

ඔබ මා කළඹා

කිමදෝ යන්නෙ නොරැඳී කලා… //


ඔබ දේදුන්න…


ඔබ මල් විළකී මා එහී මලකී

සුවඳින් කැලතී

යමු පීනන්න දියවැල් සලා… //


ඔබ දේදුන්න…


Artist : Mervin Perera

෴ සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ ෴

~ Sith Sith Sith Sitha Sanasana Pem Lokaye ~ 


සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ

නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සරේ

දුටුවේ නැත මා සෙනෙහේ බැඳිලා

සිත් සිත් සිත් සිත සනසන තුන් ලෝකයේ


ආදරේ ඔබේ ලැබේවිදෝ ලදේ

ඒ තමා අමා සුවේ මගේ ලොවේ

ජීවිතේ පුරා සෙනෙහයේ රැඳී

හිඳිනු මැන මා සෙවනේ


වේදනා සදා නොදී මගේ සිතේ

ආදරේ කියා දිදී මගේ ලොවේ

ජීවිතේ පුරා සෙනෙහයේ බැඳී

පතමි ඔබගේ සෙනෙහේ


Artist : Madumadhawa Aravinda

෴ සඳ මිතුරි ෴

 ~ Sanda Mithuri ~


ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ

විදගන්න ඒ සිසිල ම සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන්

සද මිතුරි සිත මිහිරි කල මැනවි

බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...


මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන

ඈතට වෙලා අපි අපිම වී ඉතින්

නව ලොවට මුල් අනු දෙන්න

මිල නොවන පෙම් කවිය පබදන්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දලු ලන්න මිහිකත මතින්

සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..


ඉගිලෙන්න ඔබ එක්ක...


ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්

ප්‍රේමයට ප්‍රේමය වෙන්න

නිල නොවන ජිවිතය පුබුදන්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දලුලන්න මිහිකත මතින්

සිහිනේ සරනා කිරණින් දැවෙනා..


Artist : Kasun Kalhara

෴ ඇරඹුමම කඳුලක් වෙලා ෴

~ Arambumama Kandulak Wela ~


ඇරඹුමම කඳුලක් වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ තුරක් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා


දුක් බරව කවියක් ලියා

එහි පද පෙලක් අඩුවෙන් තියා

අරුත පසිඳින්නට කියා

අවසානයට පෙර ඈ ගියා


ශෝකාන්තය එනතුරා

එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා

අනන්තය ලග මා දමා

අවසානයට පෙර ඈ ගියා


ඇරඹුම ම කඳුලක් වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ තුරක් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා


Artist : Kasun Kalhara

෴ ගමට කලින් හිරු ෴

~ Gamata Kalin Hiru ~ 


ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා

ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා

ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා


රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු

සිත නෑ නිවන් දකින්නේ

රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්

නෙත නෑ නිදි විඳ ගන්නේ

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන

නින්දේ සිහින දකින්නේ

මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්

දරු සෙනෙහසින් මිදෙන්නේ


වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට

විහඟ ගීත බණ පද වේවා

බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ

තුන් සිත නිවී සැදේවා

මතු උපදින සසරේ විසාකාව වී

මෙත් මග නෙත් හමු වේවා

ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය

ලොවම නිවන කවියක් වේවා


Artist : Karunarathna Diwulgane

෴ ඔබ දන්නවනම් ෴

~ Oba Dannawanam  ~ 


ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්

හිතයටට වෙලා දුක්විඳීන තරම්

ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්

යළි ඔබේ පයට පෑගෙනවා නම්


එක මලක් තනන්නට රුවට රුවින්

ගහ වැල දුක් ගින්දර විඳීන තරම්

ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්

විෂ තුඩින් පෙළා රිදවනවා නම්


දස මසට වඩා පුරනා පෙරුමන්

ලොව හදන වඩන මව්වරුනි උතුම්

මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්

වෙන අරුතක් මේ ජීවිතය තරම්......


Artist : Karunarathna Diwulgane

෴ ලා දළු බෝපත් ෴

~ La Dalu Bopath ~


ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ

යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී...


ලේන කුලේ සිට ආගිය මඟ තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ

පසු පස ආවා සෙවනැල්ලක් වී...


තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ලඟ යශෝදරාවෝ

පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..


Artist : karunarathna Diwulagane

෴ ගහක මල් පිපිලා ෴

 ~ Gahaka Mal Pipila  ~ 


ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී

හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී

නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි


කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්

සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්

කරනු බැරි තහනම්


හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්

හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්

නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්

පුදුම වෙයි නුඹනම්


Artist : Karunarathne Diwulgane

෴ සුළඟ නුඹ වගේ ෴

 Sulanga Nuba Wage 


සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ

මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි

වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ

මලේ පාට නොසේදීම පුදුමයක් තමයි


සිත හැඳිනුවෙත් ඔබයි

පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි

නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි


සිත තනිකලෙත් නුඹයි

මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි

ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි


Artist : Karunarathna Diwulgane

෴ ඇසට අසුවන මායිමේ ෴

~ Asata Asuwana Mayime ~


ඇසට අසුවන මායිමේ

බමර සැණකෙළි මල් විලේ

ළසෝ ළැව් ගිනි ඇවිළුණා සිත

ඔබ මගෙන් වෙන්වූ දිනේ


සියපතක් මත විසුළ පිනිකැට

සැඩ සුළං වැද සර සරින් හෙත

මගෙන් රිදවුම් දෙවුණු මොහොතක

ඔබේ වත මට නැඟේ සිහියට


සතර අත පෙති විහිද විකසිත

මලේ මල් මී මමනයුරු දැක

ඔබේ ලවනත සැදුණු මී විත

මත්කළා මතකයි මගේ සිත


Artist: Karunarathna Diwulgane

෴ පින්සර ඔබ හැර ෴

 ~ Pinsara Oba Hara ~


පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි

වෙනතක දළුලාදෝ

ඔබ ගැන මා ගැන මතකය අමතක

කරන්න පුළුවන්දෝ


සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි

මිහිරි අතීතය දැනුනේ

ඔබට මේ තරම් මා පෙම්කළ බව

වෙන්වන තුරු නෑ හැඟුනේ


ජලේ මාළුවන් කොපමණ සිටියත්

කොහොමද නාඩා ඉන්නේ

ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි

මේ හැටි සිත පෑරෙන්නේ


Artist : Karunarathna Diwulgane

෴ මා ඔබත් එක්ක ෴

~ Ma Obath Ekka ~


මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා

සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා

කියල කියනවා


මා ඔබත් එක්ක දිගට කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්


රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා

ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා

යමුද අහනවා


සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්

තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා

කවුරුත් නොම එයි සිතෙනා

සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා

එන්න අහනවා


මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්


Artist : Karunarathne Diwulgane

෴ ආදරය සුන්දර වරදකි ෴

 ~ Adaraya Sundara Waradaki ~


ආදරය සුන්දර වරදකි

කිසිදා සමාවක්‌ නම් නැති

මට පෙන්නලා ආලේ හැටි

නුඹ දුන්නු දුක හොඳටම ඇති


ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී

බැහැරී වෙලී උන්මාද වූයේ මා

වෙනකෙකු දිහා බැලුමට යලිත්

මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ


පුළුලුරුතලා වීණා බඳින් දැවටී

රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා

හද ස්‌වර පවා කම්පිත වෙවී

මට මා පවා නැති කලේ කවුරුන්දෝ


Artist : Karunarathna Diwulgane

෴ බලාපන් සෝබනී මා දිහා ෴

~ Maa Dihaa ~


ඈ විනා මධාරා මලයි

මා දෑසත් කලා වාසනා

පෑ සිනා මා හෘදේ නිවාලයි

මේ භවේ දී සදා


බලාපන් සෝබනී මා දිහා

නාඬාපන් රෑමතී මා නිසා


දැක ඈව දුරදී මගේ

නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ

පෙර කිසිදාක නොදුටූ ඇගේ

මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ 

හෝ... නගේ...


නුරාවෙන් දිගැස් හී පියා

සිනාවෙන් තිගැස්සී නොයා

නොකීවත් හිතස්සේ තියා

දැකීමත් ඇතී මට ඔයා

රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ

හිතින් මා ඉන්නම් බලා

සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ

හිඳින් මා ගන්නම් නෙලා


බලාපන් සෝබනී මා දිහා

නාඬාපන් රෑමතී මා නිසා


දැක ඈව දුරදී මගේ

නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ

පෙර කිසිදාක නොදුටූ ඇගේ

මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ 

දැක ඈව දුරදී මගේ

නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ

පෙර කිසිදාක නොදුටූ ඇගේ

මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ 

හෝ... නගේ...


Artist - DILU Beats

෴ බාලිකාවියන් ෴

 ~ Balikawiyan ~


බාලිකාවියන් තක්සලා දොරෙන්

ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්

යන්තරේ හඬින් මන්තරේ දුමින්

රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්


ලියා මුතු වදන් යොමා සුවඳ පැන්

එවා දූතයන් කර මත මහා පෙම් හසුන්

මවා බොරු වදන් ගෙනා අවසරෙන්

මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන්


උත්පලාවියන් බාල බොලඳියන්

මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින්

මල් වැටින් එහා රඟහලින් මෙහා

සිනා පා රුවෙන් කොතැනද රංගනේ රැඟුම්


Artist : Janaka Wickramasingha

෴ ජලේ ගැඹුර ෴

~ Jale Gambura ~ 


ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ..

මලේ සුවද ජලය දන්නෙ නෑ..

සිතේ අරුම නගා දන්නෙ නෑ..

නගේ නුඹට බොරු කියන්නෙ නෑ...


ආදරෙයි... මං ආදරෙයි....

සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...

ආදරෙයි...මං ආදරෙයි.... //


නැන්ද මාමා මට බනීවිදෝ...

දූව දෙන්න බෑ කියාවිදෝ...

මැවූ සිහින සුන්ව යාවිදෝ...

නුඹවත් මට බහක් දේවිදෝ... //


ආදරෙයි... මං ආදරෙයි....

සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...

ආදරෙයි...මං ආදරෙයි....

ආදරෙයි...මං ආදරෙයි.... ////


Artist : Jagath Wikaramasinghe

෴ සිහින දෙව් දුවේ ෴

~ Sihina Dew Duwe ~  


සිහින දෙව් දුවේ

ඔබට තුන් ලොවේ

එකම නමයි මා දන්නේ

ඒ නම ආදරේ


සදෙහි ලප තියේ

මලෙහි කටු තියේ

උපමා නෑ සසදන්නේ

ඔබේ නම ආදරේ


චන්දන දියෙන් දොවාලා

ඔය නලලෙ අත තියාලා

මම ඔබ ලගයි කියාලා

දෙමි ලේ වලින් ලියාලා


කල්යානි නමට අමපෙම්

දිවි බදුන පුදකරන්නම්

ඉපදුනිද බවෙක කිසියම්

මුලු සසරෙදිම ඔබෙයි මන්


අවසාන මොහොත වේවා

ඔබ ලගදි ලගා වේවා

ගිනි නතිව මා දෑවේවා

සිහිවටන එහි මෑවේවා


Artist : J.A. Milton Perera

෴ නින්ද නේන රාත්‍රීයේ ෴

 ~ Ninda Nena Rathriye ~ 


නින්ද නේන රාත්‍රීයේ

නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ


කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ

කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ

ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ


අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා

සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා

සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා


Artist - H. R. Jothipala

෴ ඇහෙනවනම් හිත හඩන තරම් ෴

 ~ Ahenawanam Hitha Handana Tharam ~


කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පෙරදින රජ මැදුරක උන්නේ

අද මා මහමග සැතපෙන්නේ


පතන පැතුම් සුළගට මුසුවේ

මියුරු වදන් කදුලේ ගොළුවේ

සතුට උපන් හැම දින වැළලේ

කුමන නැටුම්දෝ දිවි මඩලේ


අපගෙ අහිංසක ලොව බිදිලා

ඔබද අනන්තෙක ඇත බැදිලා

ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ

ඔබ මල් යහනක හිදිනු මැනේ


Artist : H.R. Jothipala


෴ ලස්සන ඇස් දෙක ෴

~ Lassana As Deka ~ 


ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා..

නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා..

සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා..

මට හිතවත් වේවීදෝ රූ ළඳේ..


ඔබ මගේ සිහිනයයි..

මතකයේ රුව ඔබයි..

ගීතයක් වෙලා මුවින්..

පාවෙලා යන්නේ..

ආදරේ හදවතේ..

නිහඬවී තැවෙන්නේ..

ලස්සන.. ලස්සන ඇස් දෙක..


Artist: Gypsies

෴ පිහිටක් නැති සරණක් නැති ෴

 ~ Pihitak Nathi Saranaka Nathi ~


පිහිටක් නැති ... සරණක් නැති

සතුටක් ඇති ... මුහුණක් නැති

මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..

හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......


හබලක් නැති ....ඔරුවක් ඇති

මිනිසුන් වෙති ...වෙරළක් ඇති

මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..

හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ........


නිවනක් ඇති ....ගෙදරක් නැති

ගමනක් වෙති... වෙනසක් නැති

මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..

හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......


Artist : Gunadasa Kapuge

෴ දුක හාදු දෙන රැයේ ෴

 ~ Duka Hadu Dena Raye ~


දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා

යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා


ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ

පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ


නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා

මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා


Artist : Gunadasa Kapuge

෴ නින්ද නැති රැයේ ෴

 ~ Ninda Nathi Raye ~

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ


කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ

තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


Artist : Gunadasa Kapuge

෴ සිංහල සින්දු කියන ෴

~ Sinhala Sindu Kiyana  ~ 


සිංහල සින්දු කියන

නළලේ තිලක තියන කිරිලිලී

තුඩින් හදවතක් අරගෙන

ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී


දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී

ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලී

මදුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී


ගිනි අවීත් එක්ක පෙමින් බැදුන විහග සෙනග අඩා වී

ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියා වී

ආදරය නුඹට බාරයි රැකගන්න දේවතා වී


සංගීතය :විශාරද ගුණදාස කපුගේ

෴ දවසක්‌ පැල නැති හේනේ ෴

~ Dawasak Pala Nathi Hene ~ 


දවසක්‌ පැල නැති හේනේ

අකාල මහ වැහි වැස්‌සා

තුරුලේ හංගාගෙන මා

ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර

හිටියා ඔබ අම්මේ


නුවර වීදි යට කරගෙන

නින්දා වැහි වැගිරුණදා

බිරිඳකගේ සෙනෙහේ ගියා

යෝද ඇළේ නැම්මේ

නුඹ සෙනෙහස සුවඳ දිදී

දැනුනා මට අම්මේ


කොළඹ අහස කලුකරගෙන

මුහුදු හුළඟ අඩලනකොට

ඔටුන්න බිමදා දුවගෙන

එන්නද එක පිම්මේ

මං එනතුරු ඉඳිකඩ ලඟ

ඉන්නවාද අම්මේ


Artist : Gunadasa Kapuge

෴ දෑස නිලුපුල් තෙමා ෴

 ~ Dasa Nilupul Thema ~


දෑස නිලුපුල් තෙමා . .

කඳුළු මුතුවැල් සලා . .

දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ

හඬනු මල්මාලියේ . . . .


නිහඩ හදවත් පොතේ ලියවුනු . .

සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .

ඔබේ කඳුලැලි මා සිතේ

නිබඳ පදවැල් ඇඳේ . . . .


පබළු මිණිමුතු නැතේ මා සතූ . .

කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .

තුෂර පිනි ලෙස මල් මතේ

කඳුලු පොකුරේ රැදේ . . . .


Artist : Gunadasa Kapuge

෴ කටු අකුලේ ෴

 ~ Katu Akule ~ 


කටු අකුලේ මල් ඇහැළේ

රළු අහසේ තරු හිනැහේ.......//

කටු අකුලේ මල් ඇහැළේ


තුඩින් තුඩේ රැවුනැගේ

කුරුළු ගී ගායනා

කුලින් කුලේ වැතිරේතේ

සුදුවළා පාවෙනා


ළමයින් සුවදයි

කදුලක දිලිසෙයි

අදුරු විමානේ

රන් මිනි පහනයි


තුඩින් තුඩේ ..........


Artist : Edward Jayakody

෴ ඔබ තෙමෙයි කියා බයයි ෴

~ Oba Themei Kiya Bayai ~


ඔබ තෙමෙයි කියා බයයි

වැසි වසියි සුළං තදයි

කුඩයට ඔරොත්තු නොදෙයි

සාරිය පිට මඩ ඉහෙයි


මුහුණට හිරිකඩ වැදෙයි

සුදු මුදු මඳහස මැකෙයි

මිරිවැඩි තුළ දිය පිරෙයි

පය ලිස්සා බිම වැටෙයි


සළු පිළි සිරුරට ඇලෙයි

පිට මිනිස්සුන්ට පෙනෙයි

සඟවන්නෙමි ඔබ මගෙයි

දිව එන්නට මට හිතෙයි


Artist : Edward Jayakody

෴ අකුරු මැකී නෑ ෴

 ~ Akuru Makee Na ~


අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ

බොඳවී නෑ සිතුවම්

ඉස්සර වාගේ තාමත් මතකයි

හෝඩි පොතේ පාඩම්


මේ ඊරී බිම සීරී කුණ්ඩුමනී හිස පීරී

දීසිය පුරවා දෝසි දමා කුමුදුමතී හිනැහේවී


අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු

ඇත් පොරයට අපි ඇහැ යවමු බාලවියට පා නඟමු


Artist : Edward Jayakody

෴ සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ ෴

 ~ Siriyahane Lanu Ihiree Susum Helana Ra ~


සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ

මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//


ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්

නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//


සිරියහනේ ලණු ඉහිරී..


යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං

මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//


සිරියහනේ ලණු ඉහිරී..


Artist : Edward Jayakody

෴ බිංදු බිංදු මල් වැස්සේ ෴

 ~ Bindu Bindu Mal Wasse ~


බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා

ගලින් ගලට පා තබමින් දුවන්නට එපා

ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී


ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා

දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා

දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී


නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා

වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා

ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා

හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා


ආල හැඟුම් මං හින්දා...


ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා

මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා

දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා

සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා


Artist : Edward Jayakody

෴ රාත්‍රිය වී ෴

 ~ Rathriya Wee ~


රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

බියද දැනේ දුකද දැනේ

රුදුරු වුනේ හිමි සඳුනේ

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්


පතා පැමිණි සුර පුරවර

වෙලා ගැණුනි ඝණ කළුවර

දෑස පුරා දුටු සිනා කවට කෙළි

කඳුළු කථාවක කෙලවර

අසන් හිමියනේ කාට කියන්නද මේ දුක

ඔබ හැර


රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්


වළාකුලක පිරි පුරහඳ

අතැර ගොසින් සිය පියබඳ

එදා පිදූ මුදු වදන් අසන්නට

බලා හිඳී සිත පිලිසිඳ

අසන් හිමියනේ කාට කියන්නද මේ දුක

ඔබ හැර


රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්


Artist : Deepika Priyadarshani

෴ ජය සිරි මා හාමුදුරුවනේ ෴

 ~ Jaya Siri Ma Hamuduruwane ~


ජය සිරි මා හාමුදුරුවනේ..

දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..

ගිණිමැල ගහගෙන රැක හිටියා..

එහෙව් අපට අද එන්ඩ තහංචිද,

ජය සිරි මා හාමුදුරුවනේ..


වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,

අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..

ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,

අපේ බාර පිලිගන්ඩ හොඳයි..


රන් වැට පාමුල සාදු කියනකොට,

ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..

බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,

දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..


Artist: Deepika Priyadarshani

෴ වැහි දිය මහ බිම තෙමුවට ෴

 ~ Wahi Diya Maha Bima Themuwata ~ 


වැහි දිය මහ බිම තෙමුවට

බිම තෙමන්නේ වැහි විතරද...

රෑ අහසේ තරු තිබුනට

තරු තියෙන්නේ රෑ විතරද...

විහඟුන් කැල ගී ගැයුවට

ගී කියන්නේ උන් විතරද...

මට නුඹ විතරක් උනාට

නුඹට ඉන්නේ මං විතරද...


රෝස පතක කවි ලීව්වේ

සුවද දිදි තියාගන්න

මේ විදිහට ගී ගැයුවේ

ඉන්න තැනක දී ඇහෙන්න...

උස අත්තක මලක් උනේ

ගව් ගණනක් උඩින් ඉන්න

අවසානේ උරුම උනේ

මල් පොකුරක එකක් වෙන්න...


Artist : Deepika Priyadarshani

෴ නෙලන්න බැරි දුරින් පිපී ෴

 ~ Nelanna Bari Durin Pipee ~ 


නෙලන්න බැරි දුරින් පිපී

කියන්න දුක රැඳී ඇවිත්

පවන් රොදේ...අසන්න දුක බලා ඉමී

රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ...


විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා...

නැගෙන සඳේ කිරණ ලෙසේ

ගලමි රැය පුරා...හිරුද හඬවලා...


ඉවුරු දිගේ යනෙන අපේ

හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ

පැතුම ඇත බලා...සයුර ඇත බලා...


Artist : Deppeka Priyadarshani

෴ කවිය ඔබ ෴

~ Kaviya Oba ~ 


කවිය ඔබ

තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී

සිත දෙගිඩියාවෙන් තවම නොලියූ

කවිය ඔබ


පද එකින් එක ලියවා

සිත කුරුටු ගා මැකුවා

ඔබ ලියූ කවි කියවා

මන් අසරණව උන්නා

යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක

සිත ඉකිගසා හැඩුවා


හොර ඇහින් ඉඟි කරලා

සඳ මගෙන් සමු ගත්තා

කවි පොතම පොඩිකරලා

නිදියන්න මට සිතුනායෞවනේ....

අත ළඟින් හිඳිනා මොහොතක

දුර ඈත බව දැනුනා......


Artist : Deepika Priyadarshani

෴ වැටෙන් එහා මල් පදුරේ ෴

~ Waten Eha Mal Pandure ~


වැටෙන් එහා මල් පඳුරේ

ඔබ පිපී වැනේ අත නුදුරේ

මිලිණ වුනත් ගන අඳුරේ

මල් නෙලන්න නම් තහනම්


සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්

නොවසා ඇති දො‍ර කවුළු තුලින්

සුවඳ දිදී තිබුනත් මිදුලේ

මල් නෙලන්න නම් තහනම්


තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්

ඇසුනත් කෙඳිරිය මූදු අගින්

පිපුණු නිසා අන් සතු උයනේ

මල් නෙලන්න නම් තහනම්


Artist : Dayan Witharana

෴ පුදසුනක නිසල බව ෴

 ~ Pudasunaka Nisala Bawa ~


පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්

හදවතක නොවෙයි මේ තරම් සුසුම්

මට කියනවාද මට කියනවාද

බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්


මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන

සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්

දුක හඬන හැඬුම්

ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්


සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස

පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්

ලෙන්ගතු සිතකින්

මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්


Artist : Dayan Witharana

෴ කඳුළින් අවසන් වන පෙම් පුවතක ෴

~ Kandulin Awasan Wana Pem Puwathaka ~ 


කඳුළින් අවසන් වන පෙම් පුවතක

හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත

මේ මල් යෞවනයේ


හිර කරලනු බැරි සෙනෙහ හැඟුම්

දිය උතුරා පිටාර යයි දෙනෝදහක්

ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි


උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්


මහිකත රැඳි තුරු ලතා ගුලාවක සඟවා මා පැතුමන්

පියා සලන්නට එපා බිඟුන් ලෙස රහසින් දැක

අන් මල්උහුලා ගනු හැකිවෙද ඔබෙ උණුහුම නිවී මැකී යා නම්


ගායනය : දමයන්ති ජයසූරිය (Damayanthi Jayasuriya)


෴ ගමෙන් ලියුමක් ඇවිල්ලා ෴

 ~ Gamen Liyumak Awilla ~


ගමෙන් ලියුමක් ඇවිල්ලා

අක්කගෙන් වාගේ

මොකක් කියලාද දන්නෑ

එහෙ ගියෙත් නෑනේ//

පහළ කුඹුරේ නිල් ගොයම් දැන්

හරිම සරුසාරයි

වැසි වැටී වැව් ළිං පිරිලා

හරිම සිරියාවයි

තවත් ආරංචි ගොඩයි

ලියන්නට ලැජ්ජයි

ගෙදර අය සතුටින් සිටින්නේ

මල්ලි දැකගන්නයි

කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ

වැඩත් වැඩි වෙන්නයි

ළඟදි එනවා නම් හොඳයි

නිවාඩුව දැන් දැන් ළඟයි...


Artist : Clarence Wijewardana

෴ අහස් ගැබේ තරුකැට ගානේ ෴

 ~ Ahas Gabe Tharu Kata Gane ~ 


අහස් ගැබේ තරුකැට ගානේ

පොලෝ තලේ වැලිකැට ගානේ

නිල් සයුරේ රළ පෙළ ගානේ

ආදරෙයි මං ආදරෙයි


වදුළු සිරස පිපි මල් ගානේ

විහග තුඩග කිචි බිචි ගානේ

පිසින සිඹින මඳ නල ගානේ

ආදරෙයි මං ආදරෙයි


පිපෙන මියෙන හිරු සඳු ගානේ

සිතෙහි පිරෙන සිතුවිලි ගානේ

සිහිල ගෙනෙන හැම රෑ ගානේ

ආදරෙයි මං ආදරෙයි


Artist : Charitha Priyadarshani

෴ බුදුන් දැක නිවන් දකින්න ෴

Budun Daka Niwan Dakinna 


බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ..

අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ..

සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ..

අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ..

අපේ ජීවිතේ..


සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..

පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ..

දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ..

වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ..


භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ..

කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ..

සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ..

මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ..


Artist: Chamara Weerasinghe

෴ සිතින් විතරක් ෴

Sithin Witharak ~


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට ‍බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ

සිතින් විතරක්...

සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

සිතින් විතරක්...

Artist: Chamara Weerasinghe

෴ මා බාල කාලේ ෴

~ Ma Bala Kale ~


මා බාල කාලේ අම්මාගෙ උකුලේ

නැළවුණු තාලේ මට තාම සිහිවේ//


පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ

නෑ හීනවූයේ මෑණී මගේ

ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි

මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ


ඉගෙනීම ඔබගේ ධනයයි සිතා

ඉවසීම කරුණා ගුණදම් ගොතා

දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා

මේ වාගෙ මට ඈ අවවාද දුන්නා


මේ පුංචි ලංකා ඔබගේ පුතේ

ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ

නංවලා ස්නේහේ රට දෑ කෙරහි

රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ


Artist : C.T.Fernando

෴ පායා එන සඳවත මනරම් ෴

~ Paya Ena Sandawatha Manaram ~

පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ...
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිදී නම්
පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක් තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්

පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

Artist : BNS

෴ ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ ෴

~ Lo Ada Ninde Me Ra Yame ~


ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ

සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ

රන් තරු බැබලේ නිල් ආකාසේ

ලස්සන මල් වාගේ


කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා

පහලට බැස යති දිය රැල්ලේ

නාමල් පිපිලා නැලවෙති සුළඟේ

සුවඳ හමා දසතේ

සෝබන මේ නදියේ

සෝබන මේ නදියේ සඳරැස් වැතිරෙන්නේ


ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ

දැන් දැන් මා හද නලවන්නේ

මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ

දසතම පැතිරෙන්නේ


කවුරුද ඇල්හේනේ

කවුරුද ඇල්හේනේ

ගී හඬ පතුරන්නේ


Artist : C.T. Fernando

෴ සිනහ කෝ ෴

~ Sinaha Ko ~


සිනහ කෝ දැන් හීනයේ

ගං තෙරේ මා පාළුවේ

සොයා එන්නේදෝ

මුළු ජීවිතේ . . .


තනිව හඬනා පෙම් හීනයේ

සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .


විහඟ ගීවැල් රැව් දිදී

දවයි මා මේ තනිකමේ

සොයා එන්නේදෝ

මුළු ජීවිතේ . . .


හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ

සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . .


පැතුම මාගේ තුන්හිතේ

මා ඔබේ මා හීනයේ

සොයා එන්නේදෝ

මුළු ජීවිතේ . . .


අවදි කරව මතකය ඔබේ

කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .


තනිව හඬනා පෙම් හීනයේ

සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .


Artist : BNS ft. Umara Sinhawansha

෴ වලාකුල් වියන් තනාලා ෴

~ Walakul Wiyan Thanala ~ 


වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා

වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා


අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා

සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා


පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා

අනන්තය සිසාරා රහසේමා

පියාඹන්න ආසයි ඔබ හා මා


දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …

සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …

රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා

හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …


පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා

අනන්තේ සිසාරා රහසේමා

පියාඹන්න ආසයි ඔබ හා මා


Aetists : Bhathiya ft. Umaria

෴ හදවත ඉල්ලා ෴

 ~ Hadawatha Illa ~


හදවත ඉල්ලා

නොලැබුන විටදි

දහසක් සිතුවිලි මා

හද තුල තෙරපී

මිතුරිය ඔබ කෙලෙසක හෝ

අමතක කරමී

නොපිරු පෙරුමන් පුරලා

කුමටද ලතැවී


ඔය නෙතු අග රැදි තිබු

නිල්මිණි ඡායා

දැක මා හදවත සසැලි

සෙනෙහස කීවා


මතු අප උපදින භවයේ

යළි හමු වේවා

ඔය නෙත් අග සිසිල රැදි

මට ළං වේවා


Artist : Priya Sooriyasena

෴ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ ෴

 ~ Sihinayaki Oba Nihanda Madiyam Ra ~


සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා

සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ

නිහඬ මා හද සනසනා


ඉරකි ඔබ මට සඳකි ඔබ මට

කිසිදු කිසිවිට සමු නොගන්නා

සයුරු රළ ඔබ ඈත සමුදුර

සයුරු තෙර මා හමුවනා


යුග ගණන් අප වෙන්ව ආ මග

සොඳුරු නිම්නෙක එක්වෙලා

දුක් සුසුම් නැති අපේ ලොව තුල

සිනහ මල් පෙති විසිරිලා


හිරුට තනි නැත සඳුත් නැත තනිවී

එකම අහසක හමුවෙලා

ලොවම සසලව බලා සිටියාවේ

යළිදු අප අත් ළංවෙලා


Artist : Bandara Athauda

෴ කඳු පාමුල සිට ෴

~ Kandu Pamula Sita ~ 

කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිවු රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැඟ එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට..

Artist - Athma Liyanagge

෴ ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ෴

~ Labuth Neth Yuga Dahasaka Urume ~ 


ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ

මදි මට මුලු සන්සාර යුගේ

ඔබව බලා ගන්නට අම්මෙ


ඉර හද පතුරන එලියට වෑඩියෙන්

ඔබ මට එලියයි අම්මේ

දහසක් නෙත් මට මදි අම්මේ

දහසක් නෙත් මට මදි අම්මේ


ලේ කිරි කරලා අම්මාත් මා දුක්

පෙව්වද නෑත්තම් ඊට වඩා

ඉහ හද දරු සෙනෙහසට යටත් කොට

දිය කර පෙව්වද සේද වලා


දසමාසේ කුසෙහි මා දරලා

ඉසිලූ බර තව ඔබට මදි

දරු සෙනෙහස මතු බුදු කරවන්නට

මව් පදවිය ඔබ ලබන ලදී


Artist : Asanga Priyamantha

෴ සෙනහසක අරුතක් පුරවන්නට ෴

~ Senehasakata Aruthak Purawannata ~

 

සෙනහසක අරුතක් පුරවන්නට

අහසේ තරු ගැන්නා

වෙරළේ රළ මැන්නා

සීමාවක් මා ඉමක් නැතැයි කී

සෙනෙහස ඇයි දෙතැනක තනිවී


කැකුලක් සිදුලින් හදවත පිපුණූ

කඳූලෙත් කටුමත විස තිබුනා

බිදුනොත් බදුනක පිළියම් කරනට

බැරි කැලලක් මතුවී පෙනෙනා


පවකින් පෙර අත් භවයක සිදුවූ

සිතකින් සිතකට දුක පිරුණා

මගෙ අත දිගුකල හැකි හැම තැනදී

ඔබ අත මා දුරකින් තිබුනා....


Artist : Asanga Priyamantha Peiris

෴ හෙට දවසේ අප දෙදෙනා ෴

 ~ Heta Dawase Apa Dedena ~


හෙට දවසේ අප දෙදෙනා

අද වාගෙම හමුවිය යුතුවේ

අද දවසේ මවෙත ගෙනා

මිහිර හෙටත් ගෙන ආ යුතුවේ

කිසි වෙනසක් නැති

එකම දෙයක් අති

එය මා ලබු ඔබෙ ආදරයයි

මගෙ ජීවිතයම නෞකාවක් නම්

එය ඔබ සුරකින සාගරයයි

අද සුපිපෙන මල හෙට නොපිපේවී

ලොකය දිව යයි වෙනස් වෙලා

එලෙස වෙනස්වන

ලොවෙහි අළුත් වන

ආදරයම මම ඉඳිමි බලා....


Artist : Priya Suriyasena

෴ අවසර නැත මට ෴

 ~ Awasara Natha Mata ~


අවසර නැත මට ඔබෙ අත ගන්නට

බැමි බැඳ ඇත ලොව සතර දෙසේ

එනමුදු උපදින හැම බවයකදිම

මතු ඔබ හිමි කර ගනිමි ළඳේ


බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන

මා අබියස ඔබ නෙලුම නොවේ

උල්පත වන්නට නොහැකිව ළත වෙන

මා අබියස ඔබ සයුර නොවේ


ඔහු රිදවන්නට ඔහු හඩවන්නට

බැරි කම මිස ඔබෙ සිහින ලොවේ

ඔබ කැඳවන්නට ඔබ සතපන්නට

මා හද තුල ඉඩ නැතිව නොවේ


Artist - Milton Mallawarachchi


෴ ඔබෙ නිල් නුවන් තලාවේ ෴

~ Obe Nil Nuwan Thalawe ~


ඔබෙ නිල් නුවන් තලාවේ

සැලේ... කඳුළු මිදිලා

මට ඒ මැදින් පෙනෙන්නේ

අපේ මතක මැවිලා

ඔය දෑත මාගෙ දෑතේ

සතපා ගෙවූ අතීතේ//

දෙදෙනා නොවේද දන්නේ

සිත දන් තමයි සිතන්නේ

මුලදි උනේ මුලාවයි

වැරදිම මා අතේමයි//

නොසැලී බලා එදා මෙන්

ඉඳිමිය ඔබේම

නාමෙන්...


Artist : Milton Mallawarachchi

Lyrics : Karunaratha Abeysekara

Music : M.K.Roksamy


෴ මා නෙත් කැදැල්ලේ ෴

 ~ Ma Neth Kadelle ~ 

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා

ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ රොන් සොයාලා //

බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා...

අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද
හද රන් ලෙනේ පහන නිවා

Artist : Milton Mallawarachchi
Lyrics : Karunarathne Abesekara

෴ හන්තානට පායන හඳ ෴

 ~ Hanthanata Payana Handa ~

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න

ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න

Artist - Amarasiri Pieris

෴ මලක් උනේ ඇයි ඔබ මට ෴

~Malak Une Ai Oba Mata ~

මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...

Artist - Amarasiri Pieris

෴ සඳගලතැන්නේ පාමුල සිතල වතුරේ ෴

~ Sandagalathanne Pamula Seethala Wathure ~


ආමග වැරදියි යනමං නොපෙනෙයි

තනිවී දෙවිදුන් නැති දෙවොලේ

කවුරු යදින්නද කවුරු පතන්නද

හිරු සදු වත් නැති මිහිමඩලේ .......


සඳගලතැන්නේ පාමුල සිතල වතුරේ

නුඹේ සෙවනැලි පාවෙයි .........

නිල දිය රැළි අතරේ ....

දං පදුරේ මංකඩ ලග ගොම්මන් අදුරේ ......

දියබුං හඩ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ .......


හඩාදොඩා කිවත් ... කවුරුද ඈසුවේ

ප්‍රාර්ථනා ගඟ උතුරා කදුලැලි ගැලුවේ

මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවෙ

කින්ද සොදුරු ජීවන මග හිරිකඩ හෙළුවේ


සඳගලතැන්නේ පාමුල සිතල වතුරේ

නුඹේ සෙවනැලි පාවෙයි ..........


Artists : Amarasiri Pieris & Shashika Nisansala

Lyrics : Wasantha Kumara Kobawaka & U.B. Rathnayaka

Composer : Nawarathna Gamage

෴ සොඳුරිය ෴

 ~ Sonduriya Kalaya Ketharam Napuruda ~


සොඳුරිය . . .

කාලය කෙතරම් නපුරු ද

දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන

රැක ගත් තාලය උදුරා ගෙන ගිය

කාලය කෙතරම් නපුරු ද සොඳුරිය


පෙරුම් පුරා දුකසේ ගලපා ගත්

කවිය ඔබම වී නැලැවුණු යුගයක

හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත

ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


ලොවට හොරා විලි ලා බිහි කර ගත්

වසන්තයේ සඳ මියැදුණු දවසක

බෙදා හදා ගත් දුකවත් අද නැත

ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


Artist : Amarasiri Pieris

Lyrics : Samantha Herath

Melody : Premasiri Kemadasa

෴ කන්‍යාවී ෴

 ~ Kanyawee ~


මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී

නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි

පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා


නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්

පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා

බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි


Artist: Amarasiri Pieris

෴ මල් පිට මල් හැලෙන දිගු මාවතේ ෴

~ Mal Pita Mal ~

මල් පිට මල් හැලෙන දිගු මාවතේ

පිය මත පිය තබමින් හිනැහෙන නුබේ

ඉගි නළුවට වශි වී

අත්තල නගයි තුරුපත් පවා.//


දිය පිට දියරැලි නගන ගං දියේ

සැඩ රළ මතින් ඔරුවක නැගි

එතෙරට යනු දැක ඔබයි මමයි

සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල්...


වැහි පිට වැහි හැලෙන රාත්රියේ

උණුහුම් වෙමින් තුරුලත වෙලී

මුදු රස විදින සඳ ඔබයි මමයි

හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

මල් පිට මල්...


Artist - Amal Perera

෴ ලස්සනයි ආදරේ ගලායන හසරැල් ෴

~ Lassanai Adare Galayana Hasaral ~

ලස්සනයි ආදරේ ගලායන හසරැල්..
සුන්දරද ඒ නමුත් නොතිබිලා..
එකම එක, එකම එක..
බිඳක්වත් කඳුලැල්..

අතවනයි මදහසක්..
ඉපදිලා සෙනෙහසක්..
ඉතින් අප හිතනවා, කියනවා, ලියනවා, ගයනවා..
එකෝමත් එක පොතක්..
ආදරේ නම් පොතක්..

ළංවෙමින් සිත් දෙකක්..
ඇතිවෙලා එක සිතක්..
ඉතින් අප නැළවිලා, දුක්වෙලා, හමුවෙලා, සැනසිලා..
අතින් අත් ගෙන දිනක්..
සාදමූ කූඩුවක්..

Artist - Amal Perera

Tuesday, October 15, 2024

෴ ගඟ අද්දර ෴

~ Ganga Addara ~

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

හද සන්තක විය අනුහස් ආසිරි ගී

ඔබ හමුවේ මා මුව ගොළු වූවා


ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ

ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ

පිබිදුනි ආශා ගිනිසිළු සේමා


මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා


Artist : Vijaya Kumarathunga

෴ සැරයටියෙන් අපි ෴

 ~ Sarayatiyen Api ~


සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමූ

සැරයටියෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමු


ජීවන මං පෙත මලින් සැදී ගීය

යුගයක නොව ඔබ හමු වූයේ

කටු කොහොලින් පිරි කලල් වියේ මා

තනිව මියෙද්දිය හමුවූයේ


මින් මතු මංපෙත මලින් සදන්නෙමි

ළතැවුල් සෝ ගී නෑසෙන සේ

පමනක් නොව මේ සංසාරේ

උපදින වුව මතු සංසාරේ


මතු සංසාරේ මා හුරුබුහුටිව

පෙම් කරන කල එලඹෙනදා

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්

පතනෙමි සසරින් නික්මෙනදා


Artist : Vijaya Kumaranatunga & Chandraleka Perera

෴ පායා සීත රැයේ ෴

~ Paya Seetha Raye  ~


පායා සීත රැයේ

පාවී නිල් අඹරේ

දිළෙනා තරුවේ තනිවූ තරුවේ

ඈ නෑ මා සෙවණේ


තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ

තනි තරුවේ ඔබ විලසින් තනිවී ඇත මා සසරේ

යළි මේ භවයේ නෑ හමුවන්නේ

ඈ යළි නොඑනා ඔබේ ලොවේ


මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ

මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ

රෑ තනි යහනේ මේ දුක් සිහිනේ

පමණද උරුමය ජීවිතයේ


Artist - Wijaya Kumarathunga

෴ සිතට දැනෙන මේ ලතැවුල් ෴

 ~ Sithata Danena Me Lathawul ~


සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්

ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්


අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්

විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්


අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්

ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"


Artist : T.M. Jayarathna

෴ ඔබ හා මෙමා ෴

 ~ Oba Ha Mema ~ 


ඔබ හා මෙමා අතිනත් අරන්

අපගේ ලොවේ තනිවූ එදා

ඔබ මා දෙපා දෑතින් බදා

සිපගත් එදා සිහිවෙනවා


භවයෙන් භවේ මෙලෙසින් බැඳී

අප ආගමන් අමතක වුවත්

ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්

නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා

නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා


ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්

එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ

සොඳූරු දා සිහිවෙනවා

ඒ සොඳූරු දා සිහිවෙනවා


Artist : T.M. Jayarathna


෴ සොදුරු අතීතයේ ෴

 ~ Sondhuru Atheethaye ~


සොදුරු අතීතයේ නිමල පෑතුම වී

මගේ හද තුල ඔබ ඉන්න ඈතී...

ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි

ආදරයෙන් හමු වෙන්න ඈතී...


කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද

භවය පුරා ලග ඉන්න ඈතී...

එදත් මගේ සිත අද මෙන් කෑපවී

ඔබේ නමට පුද දෙන්න ඈතී.....


නොසෑලී නොතෑවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඈතී....

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඈතී.....


Artist : T.M. Jayarathna

Lyrics : Malani Jayarathna

Melody : Rohana Weerasinghe

෴ මේ අයුරින් අපි සංසාරේ ෴

 ~ Me Ayurin Api Sansare ~


මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....

මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති


සාලිය මාලා පෙම් බැදි දා මම සිටු කුමරෙක් වී ඉන්න ඇති

ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති


ආත්ම ගනනක් ඔබ පය පාමුල මගෙ කඳුලෙන් සේදෙන්න ඇති

එදත් මගේ පෙම් ආයචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති....


Artist : T.M. Jayarathna

෴ අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ෴

~ Awwata Wassata Huru Minisunne ~ 


අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

දෑතේ විරියෙනි රටවල් නැගුනේ

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්

මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ


දා ගැබ් මහ වැව් කලා නිකේතන

නුඹලා දෑතිනි මිහි මත මැවුනේ

ඒ නුඹලාටයි දූ දරුවන්ටයි

මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ


රජ සැප විඳිනට රජ දරුවන් හට

නුඹලා දෑතිනි මන්දිර මැවුනේ

ඒ නුඹලාගේ දුක දැක ගන්නට

මොන රජ දරුවද පැලකට වැඩියේ


Artist: T.M. Jayarathne


෴ හිමින් සැරේ පියා විදා ෴

 ~ Hemin Sare Piya Wida ~


හිමින් සැරේ පියා විදා

සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සියොත් සියොතුන්


මලක් නම් එය මලක් වුව මැන

සිනිඳූ සුකොමල රුවෙන් සරසන

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳූවර දියෙන් උපදින


නැවුම් වත්සුනු රොනින් මත් වී

සිහින නිම්නය සුපුෂ්පිත වෙයි

සිහින් හඬකින් මහද අමතයි

මුදා හැරදා පවුරු සිරි යහනේ


Artists - T.M. Jayarathne & Sunila Abesekara

෴ රන් ටිකිරි සිනා ෴

~ Ran Tikiri Sina ~ 


රන් ටිකිරි සිනා මුව මුව පාලා

ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා


දෑතේ බැදිලා ඈතට දුවලා

නොපෙනී යනවද සුදු නංගී

ඉනිමං බැදලා ලස්සන හොයලා

ගමනක් යනවද සුදු මල්ලී


බාලේ ගෙවලා ආලේ දුරැලා

නොපෙනී යනවද සුදු නංගී

දගකර සිටලා ගංතෙර හැරදා

ගමනක් යනවද සුදු මල්ලී


Singer: T M Jayaratne

෴ ආදරයේ උල්පත වූ අම්මා ෴

~ Adaraye Ulpatha Wu Amma ~


ආදරයේ උල්පත වූ අම්මා..

මා ඔබගේ පුතු වූ..

ඔබ මතු බුදුවන දවසේ..

මා රාහුල කුමරුන් සේ..

සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,

සුළඟිල්ලේ එල්ලී..


සඳ දියකොට කිරි වතුරෙන්,

ඒ දියරෙන් මුව දෝවා..

දිව මතුරක් වන් නැළැවිලි ගීයක,

මතකයි මා නැළැවූවා..

ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..

ඒ ජීවිතයට දිරි දී පණ දී..

මා දැඩි කල අම්මා..


තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා,

නිදි ගන්වා යහන් ගැබේ..

සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්,

සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..

දවසින් දවසට සෙනෙහස ලබැඳී..

ගෙනදී දිවියට නව පණ ලැබදී..

මා දැඩිකල අම්මා..


Artist - Victor Rathnayaka

෴ සඳ කැන් වැසිලා ෴

~ Sanda Kan Wasila ~


සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..

ගනඳුරු රෑ.. තනිකම නෑ..

සොයා එන්න ගනඳුර, තරු නිවලා..

මගේ එලිය, අද ඔබ පමණි..


ජීවිතයම සතු එකම සුවේ..

හී සර පහරක වෙලෙනු පෙනේ..

මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..


සඳ කැන් වැසිලා..


මා නැත අන් සතු සිත් බිඳලා..

දෑතම බැඳගෙන හිඳිමි බලා..

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..


සඳ කැන් වැසිලා..


Artist - Victor Rathnayaka

෴ අඳුර බිඳින්නට ෴

 ~ Andura Bindinnata ~ 


අඳුර බිඳින්නට රැයක් දවාලු,

ලන්තෑරුම් නිවලා..

තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර,

හිරු තව දවසක් ගෙනැවිල්ලා..


මතකය නම් වූ මලපොත පෙරලා..

මලගිය ඊයේ සිහිපත් කළ මැන,

පැතූ පැතුම් අත් මිට මොළවාගත්,

දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන,

එහි මොනවද ඇත්තේ..

කිසිත් නැත, හිස් බවෙකිය ඇත්තේ..


සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද,

යෞවන විය පියවර තබනා සඳ,

හිස්වන පද විත සපුරා ගන්නට,

මියැසි විරාමය යළි පැමිණී ඇත,

කරුමෙකි පැවසෙන්නේ..

එපමනයි, පිළිසරණය වන්නේ..


Artist - Victor Rathnayaka

෴ අපෙ හැඟුම්වලට ඉඩදී ෴

~ Ape Hangumwalata Idadee ~

 

අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්,

ඉඩ ලබා ගනිමු තරමින් වියතක්,

හඳපානේ මද අඳුරේ..

අත් පටලා යමු ආයේ..


ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..

මම මගෙ හෙවනැල්ලෙන් මිදී..

අවුදින් හෙමින් රහසින් මුමුණා..

හඳපානේ මද අඳුරේ..

හඳපානේ මද අඳුරේ..

අත් පටලා යමු ආයේ..


හිරකර හසරැල්ලෙන් හැඬුම්..

අපි හිනැහෙමු සපුරා පැතුම්..

මතු ආත්මයේ හමුවන පැතුමින්,

යමු වෙන්වී හිමිදිරියේ..

හඳපානේ මද අඳුරේ..

අත් පටලා යමු ආයේ..


Artist - Victor Rathnayaka

Lyrics - Premakeerthi De Alwis

Melody - Victor Rathnayaka

෴ එපා හිරු පායන්න ෴

 ~ Epa Hiru Payanna ~


එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,

අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..


සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,

වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..

ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..


ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,

වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..

සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..


Artist - Victor Rathnayaka

Lyrics - Kumaradasa Saputhanthri

Melody - Victor Rathnayaka

෴ දෛවයෝගයකින් නොවේදෝ ෴

~ Daiwayogayakin Nowedo ~


දෛවයෝගයකින් නොවේදෝ

හමුවුණේ අප හමු වුණේ

දෛවයේ සරදම් ලබන්නට

කිම මෙසේ අප හමුවුණේ


ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ

ඇදුරුතුමියයි යෞවනේ

ශෝකයේ රුදු වේදනාවේ

කඳුළු සයුරේ උල්පතයි


නඳුන් උයනයි ස්නේහයේ ඔබ

සඳුන් සිලිලයි ජීවිතේ

සොම්නසේ ආනන්දයේ

හසරැල් තරංගේ උල්පතයි


Artist - Victor Rathnayaka

Lyrics - Sunil Ariyarathna

෴ කොහේ සිට ඔබ පැමිණියේදෝ ෴

 ~ Kohe Sita Oba Paminiyedo ~


කොහේ සිට ඔබ පැමිණියේදෝ..

සිහිනයේ.. රැදුන ඒ අප්සරා..

මගේ ඉරබටු තාරකා..

ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ


දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්

නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්

කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..


පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්

මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්

කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...


Artist - Victor Rathnayaka

Lyrics - Premakeerthi De Alwis

෴ සිහින සතක් ෴

~ Sihina Sathak ~


සිහින සතක් දු‍ටුවෙමි මම

සත් දවසක් එක විලසක

එක සිහිනෙක ඔබ දු‍ටුවා

සිඟන්නියක සේ... //


ඔබ මගෙ පැල්පතට පැමිණ

ආයාචනයක් කරමින්... //

ජීවත් වන්නට කිසිවක්

ඉල්ලා සිටියා


කිසිවක් දෙන්නට මට නැත

තිබුණේ පිරිසිදු හදවත... //

සිඟන්නියේ එය ඔබහට

දුන්නා මතකයි


එදා මගේ හද අරගත්

ඔබ අද මට වැඩි පොහොසත්.. //

ඒ හින්දා මටත් එලෙස

පිහිට වනු මැනේ.. //


Artist - Victor Rathnayaka

෴ අපි ඈතට ඈතට පා නගලා ෴

 ~ Api Athata Athata Panagala ~ 


අපි ඈතට ඈතට පා නගලා

ඝන වනන්තරේ

අතරමං වෙමු

වසන්ත මල් ගොමුවේ


කාත් කවුරුවත් නෑ එන්නේ

ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්

අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ

බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ


අපි ඈතට....


කෙසේද අත් බැඳ ඇවිදින්නේ

වෙරළේ උයනේ තුරුළු වෙමින්

නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ

උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ


අපි ඈතට...


Artist - Victor Rathnayaka

෴ අමා දහර දිය ෴

~ Ama Dahara Diya ~


අමා දහර දිය ගලා ගලා

තුරු ලතා තුළින් මල් පියලි සලා

සිය හඬින් ලොවට සිහ නද පතුරා

ලෝ සත අතරින් ජනිත වුණා

සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා

මැදුම් පිළිවෙතින් අමා සුව ලබා

දහම් සුවඳ මල් දසතම පතුරා

සියල්ල කෙලෙස් මැඩ බුදුවූවා

අමා දහර.....

ජීවිතයේ ඇති නොනිමි අතිර බව

ලොවට පැතිරූ කරුණාවේ දම ගැන

සියළු සතුන් සදහම් රස වේ

කරුණාබර නෙත නිවී ගියා....


Artist - Victor Rathnayake

෴ අඩවන් දෑසින් ෴

 ~ Adawan Dasin ~ 


අඩවන් දෑසින් පවසනු රහසින්

ජීවිතයේ රස මේ යැයි විගසින්


පමා වෙවී ඉඳිනට නැත වේලා

කාලය ඉගිලී යයි ඉගිලී යයි

සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා

මීවිත උතුරා යයි උතුරා යයි


අවුල් දුහුල් වල සිහිල් පහස වැද

නංවන රංගන නොනවත්වනු මැන

ඒ ගී හඩ මුලු ජීවිතයම සතු

රස බර සුළු මොහොතයි සුළු මොහොතයි

රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ

හෙට දින එය මිය යයි මිය යයි


Artist - Victor Ratnayake

෴ කලේ පැන් ඇත ෴

~ Kale Pan Atha ~


කලේ පැන් ඇත නැවුම් රහ නැත

මොකද මන්දා ලිඳට වූයේ

පුළුස්සගත් රොටි‍ය කරවී

මොකද මන්දා ලිපට වූයේ

හදාගත් ලුණු මිරිස රහ නැත

මොකද මන්දා දිවට වූයේ..


සැලේ ගහකොළ සුළඟ ඇත එද

සිහිළ කොයි අත ගියාදෝ

කෝල බව මුසු සිනා හඬ නැත

සවන් බිහිරිව ගියාදෝ...


පුරුදු නිවහන නුහුරු වීනම්

කාට මේ ගැන කියන්නෙම්

කාට මේ ගැන කියන්නෙම් මම

බිරින්දෑ නෑ ගම් ගොහින්..


Artist - Sunil Edirisingha

෴ ශිල්ප සොඳින් ෴

 ~ Shilpa Sondin Danaganna ~


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ

යහතින්දෝ කොළොම්පුරේ

ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට

නුඹ නැති හන්දා මං තනියේ


හැන්දෑ අවරට දැක්කද නංගෝ

තුරුළු වෙලා ඉන්නා ජෝඩූ

රංචු මිසක තනියෙන්ම නොයන්නේ

ඒ නුවරට උඹ කිරිකෝඩූ


නාමල් සුවඳක් පෙරදා වාගේ

අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ

නාමල් සුවඳට බඹරු ඇදේදෝ

මගතොට නුඹ යනෙනා වාරේ


Artist - Sunil Edirisingha

෴ සදාකාලික නොවූ ලෝකේ ෴

 ~ Sadakalika Nowu Loke ~


සදාකාලික නොවූ ලෝකේ

සදාකාලික ප්‍රේමයක්

සොයා නෙක ගම් දනව් පීරා

ගෙවූ කාලය සිහිනයක්//


මගේ දුක දැක ඔබේ හදවත

උපන් කඳුළින් සේදිලා

ඔබේ වත නොව ඔබේ හදවත

සරා සඳ සේ පෑදිලා


එදා ළඟ සිට දුටුව නුඹ නොව

මෙදා දුර සිට මා දකින්නේ

සදාකාලික නොවූ ලෝකේ

සදා කෙලෙස ද පෙම් බඳින්නේ


Artist - Sunil Edirisingha

෴ රුදුරු තුරු වදුලේ ෴

 ~ Ruduru Thuru Wadule ~


රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ


මහදේ රන්සුමුගේ ඔබ තබලා

නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා

සුවඳ විඳිමින් හිදිමි සෑමදා

දෑස ‍වැසෙන තුරා


මිහිරී රූසිරි මිහිරී ජනනියේ

සිත සැනසේ ඔබ දසුනේ

මුදුමතී මුදුමතී

සිත සැනසේ ඔබ දසුනේ


Artist - Sunil Edirisinghe

෴ පැන මඩ කඩිති ෴

 ~ Pana Mada Kadithi ~


පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ

පෙන්වා මග නොමග නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ


සාමා අමර විකුණති බස් පොලේ කජු

කුමාරෝද පිටු දන්දෙති එයින් මතු

උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ

වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ


රන්මසු පට පිලී අභරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා


Artist - Sunil edirisinghe

෴ අවපස අහසක තරු ලකුණක් සේ ෴

~ Awapasa Ahasaka Tharu Lakunak Se ~


අවපස අහසක තරු ලකුණක් සේ

අපමණ සයුරක තුරු දසුනක් සේ

දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ


මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා

සැලමුතු සෙනෙහස මද පවනක් වී

ගැඹරේ නිම මුමුණනවා


දෝතක අසෙනිය ගවසා

ඔබ පෙරමග හිනැහෙනවා

විකසිත සිහිනේ සුබ කවියක්වී

දෙනෙතේ සිත ලියැවෙනවා


Artist - Sunil Edirisinghe


෴ පුංචි සාවියේ ෴

~ Chandra Mandale Sathapunu Punchi Sawiye ~


චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ

මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ

මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ


ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ

ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ

උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ

අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ


මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ

මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ

හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ

පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ...


Artist - Sunil Edirisinghe

෴ වන්නි වනපෙතේ ෴

 ~ Wanni Wanapethe ~ 


වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන

වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්


කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම

බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්

ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී

බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්

කල්පකාලයක්


පරපුර දුන්නු දන් ඇතත් හිත තුළමාසෙකට වරක් ලැබෙනුයෙ

සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත

කවුරුවත් එතැයි බිය වැදදොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්


Artist - Sunil Edirisinghe

෴ දෙවැනි බුදුන් ලෙස ෴

 ~ Dewani Budun Lesa ~ 


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල

ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ

අම්මා අම්මා අම්මා අම්මා


දෙසවන් සනහා මා නැළවූ ඔබ

මියුරු මියැසියේ අරුත කියාදුනි

ඒ මියැසිය අද මා ගයනා විට

මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

අම්මා අම්මා අම්මා අම්මා


ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ

ලතැවුල් දරනා දිරිය ලබා දුනි

ඒ දිරියෙන් ලොව ජය ලබනා විට

මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

අම්මා අම්මා අම්මා අම්මා


Artist - Sunil Edirisinghe


෴ මහ වැස්සක් බිමට හලා ෴

~ Maha Wassak Bimata Hela ~


මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ

ඔබ නිසොල්මනේ එපා හිඳින්න...

ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න

අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න

ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...


විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...

කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ

තනි යහනේ සරදම් රටා වියන්නේ...


විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ

ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න

නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ..


Artist - Sunil Edirisinghe

෴ අද දීගෙක ගිය නුඹ මට ෴

~ Ada Deegeka Giya Nuba ~


අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා

යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා

එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා

නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ


මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා

අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා

ඇගේ නෙතෙන් කඩා හැළුනු කදුලු මතක් වීලා

කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ


අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා

යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා

එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා

නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ


Artist - Sunil Edirisinghe

෴ පිණිබර යාමේ ෴

~ Pinibara Yame ~


පිණිබර යාමේ සැවුලන් හඬලනවා

අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා

කොළඹ රේල්ලුව රජ ගමනක එනවා

නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//


පුතුනේ අකුරට යන්න පමාවී

ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී

ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා

මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...


වේල දෙව්ලේ කුසගිනි නොබලා

කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා

කලට රුවන් වැසි වස්සන කාලේ

ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....

පිනිබර යාමේ.......


Artist - Sunil Edirisinghe

෴ සන්තාප මාවතේ ෴

 ~ Santhapa Mawathe ~ 


සන්තාප මාවතේ සංවේදනා මැදුරේ

සංවේගයෙන් දන්වා සිටින්

වෙන්වීම මා ඇගෙන්...


තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ

දැරියක් හිදී තනිවී දෙමංසලේ

නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ

හඩගා කියයි නටඹුන් අතීතයේ..


සන්තාප මාවතේ....


හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ

සිහිලැල් සිදී හදවිල් තලේ මගේ

සද තාරකා අදුරේ නිවී ගියේ

ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ..


සන්තාප මාවතේ...


Artist - Sunil Edirisinghe

෴ මල්ලියේ නරක මිතුරන් ෴

 ~ Malliye Naraka Mithuran Piliganna Epa ~


මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..

නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..

බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..

හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..


දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..

කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..

සියක් වාරයක් මැරි මැරි උපදිනවා..

තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..


ලැබුවේ අවවාද නොහිබින ආරකය..

දුදනන් නිසා විය සෙනසුරු මාරකය..

මම පෙර ගියේ වරදින් පිරි පාරකය..

ඒ ගිය මගේ අවසානය පෝරකය..


Artist - Sunil Edisinghe

෴ උකුලට නාවත් ෴

 ~ Ukulata Nawath ~


උකුලට නාවත් එදා වගේ

මා ඔබෙ පුතු අම්මේ

යොදුනක් ඈතින් උන්නත් මා

මා ඔබෙ ලග අම්මේ.......


කටු කොහොලින් පිරි මට හිමි ලොකේ

ඔබ සරණයි අම්මේ

රෑ දහවල මට සෙවනෙල්ලක් වේ

සුවද ඔබෙ අම්මේ

ම ඔබ ලග අම්මේ......


අත පය දෑඩිවි වෑඩිහිටි වුමා

ඔබ සෙවනේ අම්මේ

කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ

මතු මතුදා අම්මේ

මා ඔබ ලග අම්මේ......


Artist - Rookanatha Gunathilaka

෴ සුවද දැනි දැනි දැනෙනවා ෴

 ~Suwanda Danee ~


සුවද දැනි දැනී ‍දැනෙනවා

උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ

හිතට ගලනවා හීත බිඳු ‍බිඳු

හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්


ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ

හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා

ජීවිතේ සුන්දරද මෙතරම්


රෑන රෑන එන පාට පාට සමනළයෝ

පේන පේන මල සිපගන්නෝ

ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ

‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා

ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ

ජීවිතේ සුන්දරද මෙතරම්


Artist - Rookantha Gunathilaka

෴ දෑසම රිද්දන ෴

~ Dasama Riddana Hasangana ~


දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන,

කවුද හැබෑටම මේ යන රන් ළන්දා..

කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා..

මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන,

හිටි පාදෙම ඔය කී රූ වරුණා..

මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා..


මල් පෙති වාගෙ පාද රිදේ දෝ බොරළු පයේ ඇනිලා..

මා ගැන මන්දෝ මේ අනුකම්පා හිතට දුකක් දැනිලා..

ආලේ කුසුමෝ මා හිත පිපිලා සුවඳ හමනු දැනුනා.


පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ..

බුරුතු පිටින් මා වාරෙ අවාරෙ නෙළාන එන්නම්දෝ..

මේ ගුරු පාරේ මේ නෙතු ආයේ හෙටත් සිනාසේදෝ..


Artists: Rookantha Gunathilaka & Nelu Adhikari

෴ බොල්පිණී වෑහෙන ෴

 ~ Bol Pini Wahena Welawe ~ 


බොල්පිණී වෑහෙන වෙලාවේ

ඔබගෙන් සමුගෙන යායුතුවේ

තාමත් ඔබ ඇත සුව නින්දේ

ඒකයි මා නොකියා යන්නේ


ගැලපිට නැගලා ඈත ගම්බලා

පියමන් කරවන්නේ

තවත් නිවහනෙක ගිමන් නිවනතුරු


ඔබ සිහියට එන්නේ

ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා

ඈතයි මා ඉන්නේ

තවලම් කරුවෝ කවරදාක හෝ

එකම තැනක උන්නේ


Artist - Rookantha Gunathilake

෴ සඳේ ඔබ ෴

~ Sande oba ay da me yame ~ 


සඳේ ඔබ ඇයිද මේ යාමේ

අහස කරා නැඟුණේ

සිතේ දුක හිරු නිවා දැමුවේ

නැතුවද ඔබ දන්නේ


ගිනි හිරු පායා සොමි සඳ බැසලා

මගෙ ලොව එළිය වෙලා

ඔබ තරු වටකර හිනැහෙන යාමේ

ඈ දුර යහන් ගැබේ

රෑ නොනිදාගෙන වැලපෙන මා හට

ඔබගේ කිමද පලේ


සඳ දෙස බල බල මා පැතු පැතුමන්

මෙතෙකැයිකියන බෑ

හිරු මා දැව්වත් මා ලද උණුසුම

අමතක කරන්න බෑ....


Artist / Lyrics / Melody : Rukantha Gunathilaka

෴ මනලෝලී මනමාලියේ ෴

~ Manalolee Manamaliye ~

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ

ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........

Artists: Rookantha & Chandraleka

Monday, October 7, 2024

෴ සිහින මවන්නැති ෴

~ Sihina Mawannathi ~

සිහින මවන්නැති අහස උසට තනියම..
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර...
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට..
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර....

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......

හෝ හෝ හෝ හෝ....

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක....
එහෙම උනෝතින් මොනව හිතන්නද....
සිහින විමන්වල කවුළු පියන් හැරුනම...
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම...

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......

හෝ හෝ හෝ හෝ....

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක....
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.......

හෝ හෝ හෝ හෝ....

Artist - Senaka Batagoda (සේනක බටගොඩ)

Saturday, October 5, 2024

෴ Lagin Innam ළගින් ඉන්නම් ෴

~ Langin Innam ~

දැවෙනා හීන හිත් ආකහේ
මේ තත්පරය නවතාවි ලෝකේ අපේ
මා හා නුඹ මේ ආත්මයේ
කළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ 

ලඟින් ඉන්නම් 
මගේ වෙන්නම්
කියූ එවදන් මතක්වෙයි දැන්
හදේ රිදුමන් 
නිවී යනකන්
දෑත අල්ලන් - ඉන්න හැකිනම්

හඩනා දැස මත වේදනා
තැම්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා 
පවරා මාගෙ ළයගින් එදා
පූජා කෙරුව ආදරය පවතී සදා 

ලඟින් ඉන්නම් 
මගේ වෙන්නම්
කියූ එවදන් මතක්වෙයි දැන්
හදේ රිදුමන් 
නිවී යනකන්
දෑත අල්ලන් - ඉන්න හැකිනම්

Artist: Chathumi Dihara

෴ පිනිබිඳු එක එක ෴

~ Pini Bindu Eka Eka ~

පිනිබිඳු.. එක එක.. දෝරේ ගලනවා
බත්කූරෝ අද.. නුඹ හිරවෙනවා

පිනිබිඳු.. එක එක... දෝරේ ගලනවා
බත්කූරෝ අද.. නුඹ හිරවෙනවා
පාඩි පොඩි.. මෙරුවෝ.. එළියට චනවා
මහ වැස්සක අවසානේ...

දොරකඩ.. පඳුරු පැලේ..
කවූ..දෝ ඉකී..බිඳින දෝ..
පළඟැටියෝ නුඹ.. දෝ ඉන්නේ..
මගෙ තනියට නුඹ.. ඉන්නවනේ. .

දොරකඩ.. පඳුරු පැලේ..

එළි පාපිස්සේ.. වැලිකැට.. පිරිලා
මැටි පඩියේ අග.. කඩතොලු වීලා

එළි පාපිස්සේ.. වැලිකැට.. පිරිලා
මැටි පඩියේ අග.. කඩතොලු වීලා
තණබිස්සේ මහ.. කොළරොඩු වැටිලා
වියු පොල්‌ අතු වහලේ. . දැන්‌ වියැළීලා..

දොරකඩ.. පඳුරු පැලේ..
කවූ..දෝ ඉකී..බිඳින දෝ..
පළඟැටියෝ නුඹ.. දෝ ඉන්නේ..
මගෙ තනියට නුඹ.. ඉන්නවනේ. .

දොරකඩ.. පඳුරු පැලේ..

ගායනය: යුකී නවරත්න
ගී පද: වෙනුර තෙන්නකෝන්
සංගීතය: යුකී නවරත්න


෴ සඳක් වෙලා මනරම් ෴

~ Sandak Wela Manaram ~

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්‍ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ

දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්‍ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ

Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්


Artist: Sana
Melody & Lyrics: Sankha B