Showing posts with label කෙෂාන් ශෂින්ද්‍ර. Show all posts
Showing posts with label කෙෂාන් ශෂින්ද්‍ර. Show all posts

Sunday, October 27, 2013

෴ රාත්‍රියේ පිපෙන්නම් ෴

~ Rathriye pipennam ~

රාත්‍රියේ පිපෙන්නම්..
තරු ඇසක් වසා..
තුරුලේ නිදන්නම්..
සිහිනයක් වෙලා..
සිහිනයක් වෙලා..
රාත්‍රියේ පිපෙන්නම්... //

සද සළුව ලිහේ නම්
සුළං රැල් හමා... //
හාදුවක් තියන්නම්..
ආදරෙයි කියා..
ආදරෙයි කියා..

රාත්‍රියේ පිපෙන්නම්......

දෙතොල් මත රැදෙන්නම්
අමා මී පොවා... //
ආදරේ දොවන්නම්..
පපුතුරේ හොවා..
පපුතුරේ හොවා..

රාත්‍රියේ පිපෙන්නම්......


ගායනය - කෙෂාන් ශෂින්ද්‍ර
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල

Thursday, October 24, 2013

෴ සුකුරුත්තන් ෴

~ Sukuruththan moththe nathin ~

සුකුරුත්තන් මොත්තෙ නතින් පිස්සු පීකුදූ
අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හැදූ
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

ජෝගි නටන්නෙ හිටගෙන ආතල් ගන්නෙ
පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍ලල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

ජෝගි නටන්නෙ.........

ඇඬෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
හෙන කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆුල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

ජෝගි නටන්නෙ.........

වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු

ජෝගි නටන්නෙ..........

.
ගායනය - කේෂාන් ෂශින්ද්‍ර