Showing posts with label උදය ශ්‍රී වික්‍රමසිංහ. Show all posts
Showing posts with label උදය ශ්‍රී වික්‍රමසිංහ. Show all posts

Friday, October 25, 2013

෴ මගෙ හීනයෙ ලඟ ඉන්නට ෴

~ Mage heenaye langa innata ~

මගෙ හීනයෙ ලඟ ඉන්නට..
ඔබ තවමත් නැතිවාදෝ..
සිත් මානයෙ දැවටෙන්නට..
මගෙ උණුහුම මදිවේදෝ..
ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්..
ජීවිතේ මම නම්.. ඇයි කඳුළු මෙතරම්..

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්..
ඔබ දන්නවනම්..
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම්.. ඔබ දන්නෑ....

මගෙ හීනයේ........

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත රැඳුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න..
මේ කදඳුළු මගේ.. දැන් දුක නෑ.....

මගෙ හීනයේ........

.
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ

Saturday, October 19, 2013

෴ තනිකම හුරු දෙනෙත පුරා ෴

~ Thanikama huru denetha pura ~

තනිකම හුරු දෙනෙත පුරා.. 
උණු කඳුලැලි රූරා ගියා.. 
ඔබ නෑ නෙත් මානේ.. 
හමුවේවිද ආයේ...// 

සිතු පැතුමක කඳුළු තියා.. 
මට නොකියම ඉවත ගියා.. 
හිමි දුක පිසදමමි කියා.. 
සමනලියක් තුරුළු වුනා... 
මහදේ... ගලනා... 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.. 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.... 

තනිකම හුරු දෙනෙතපුරා...// 

තනිවුනු දුක මගෙම වෙලා.. 
දින එක දෙක ගෙවිල ගියා..
ඔබ ආවත් සිනහ වෙලා.. 
මගෙ හිත සනසන්න කියා... 
මහදේ... ගලනා... 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.. 
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.... 

තනිකම හුරු දෙනෙත පුරා...//


ගායනය - උදය ශ්‍රී