~ Ikigasa handana atheethayaka ~
ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...
හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා..
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා..
මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..
රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා..
මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..//
.
ගායනය - අමරසිරි පීරිස්
No comments:
Post a Comment