~ Wenwee dan yanna ithin ~
වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනේ නම්..
කීරි ගැසී හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ
රහසේම කාටද පුදා..
වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනේ නම්..
මගේ සිහිනේ ඉඩ ඉල්ලා..
පෙරදා ඔබමයි පියමැන්නේ..
පෙම් අහසේ වෙලී ඉදලා
කෙලෙසද මා අද හැරයන්නේ..
සෙනෙහසින් පෙර එදා.. මගේ වෙලා උන් ඔයා..
අද මෙසේ වෙන්වෙලා.. මා දමා යයි ඔයා..
පෙම් සිහිනේ.. දුක රන්දා..
ගියාට කම් නෑ සතුට සොයා..
මගෙ සෙනෙහේ.. සිහිවේ නම්..
කවදා හෝ යලි එන්න සොයා..
සෙනෙහසින් පෙර එදා.. මගේ වෙලා උන් ඔයා..
අද මෙසේ වෙන්වෙලා.. මා දමා යයි ඔයා..
වෙන් වී දැන් යන්න ඉතින්.....
ගායනය - චාමික සිරිමාන්න
No comments:
Post a Comment