~ Seetha maruthe ~
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා... //
ජීවිතයේ.. සතුටයි.. මා.. දුටුවේ..
සාගරයේ.. ගැඹුරයි.. ඒ.. හැඟුමේ..
සීත මාරුතේ....
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟි පානා
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා... //
ආදරයේ.. මිහිරෙන්.. මා.. නිවුණේ..
ඒ ඇසුරේ.. අලුතින්.. මා.. ඉපිදේ..
සීත මාරුතේ....
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
No comments:
Post a Comment