~ Basayana sanda dasin nawathalannata ba ~
බැස යන සඳ දෑසින්.. නවතාලන්නට බෑ..
පරවෙන මල දෝතින්.. වලකාලන්නට බෑ..
ඔබ බැස යන සඳ නම්.. ඔබ පරවෙන මල නම්..
රැක ගනිමිද කෙලෙසින්... //
නන්නාදුනන දෙසින
ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්... //
බැස යන සඳ දෑසින්....
මන්දාකිණිය ගලන
නිසසල රැයට මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි...
ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්... //
බැස යන සඳ දෑසින්.... //
ගායනය - නාමල් උඩුගම
No comments:
Post a Comment