~ Seetha Arane ~
සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ..
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ... //
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්... //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්..
හදවතින්..
වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි... //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි..
ඔබ නෙතයි..
සීත අරණේ.....
ගායනය - මිල්ටන් මල්ලවාර්ච්චි සමගින් මාලිනී බුලත්සිංහල
No comments:
Post a Comment