~ Hawasata paya ~
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ... //
රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ... //
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ....
හවසට පායා......
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ... //
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ
හවසට පායා......//
ගායනය - ග්‍රේෂන් ආනන්ද