~ Paya ay hinahenne ~
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි..
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...
පායා ඇයි හිනැහෙන්නේ..
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ... //
නැති දා ඇගෙ ගී රාවේ..
කොවුලනි ඇයි ගී ගැයුවේ..
කොවුලනි ඇයි ගී ගැයුවේ..
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති..
පායා ඇයි හිනැහෙන්නේ..
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී... //
ඇගෙ කඳුලැලි නැති විටදී..
ඕනැ නැ දියමන්තී..
ඕනැ නැ දියමන්තී..
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි..
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල්වන් දෙනෙතේ කාන්ති...
පායා ඇයි හිනැහෙන්නේ..
.
ගායනය - එච්.ආර්. ජෝතිපාල
No comments:
Post a Comment