~ Meevitha piruna ~
මීවිත පිරුණා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ..
නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ.... //
සියොලඟ තෙමුනා තුරුලට වී
සඳ ගිනි ගත්තා උණුසුම් වී
මතකට පමණයි ඈ මියැදී
මේ තනි යහනේ මා තනි වී..
නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ.... //
මීවිත පිරුණා.....
වාවනු බෑ හිත නිනි ගද්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල්නෙතු නිහඬයි අද දියවී..
නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ.... //
මීවිත පිරුණා.....
.
ගායනය - දිනේශ් අබේවික්රම