~ Hadaganna me hitha mage ~
හදාගන්න මේ හිත මාගේ.. හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ.. කියාදෙන්න වරද සොයා..
එදාදුන්න ආදර ලෝකේ.. හදේ ගැස්ම දෝර ගලා..
හමා යන්න මාරුත ගින්නේ.. සදාකල්ම අතැර දමා...
ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ... //
මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා සංතාපේ මා වෙලුනා..
නෑ මා නම් හැඬවූයේ සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූ ඒ ආදරයේ අරුමෙද මේ...
නෑ මා නම් හැඬවූයේ සංසාරෙ රිදවූයේ..
ජීවිතයේ සැනසූ ඒ ආදරයේ අරුමෙද මේ...
ඔය තුරුලේ මෘදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නැ ආයේ එන්නේ... //
.
ගායනය - සෙන්ටිග්‍රේඩ්ස් (Centigradz)
No comments:
Post a Comment