~ Adare ran bigun ~
ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලදේ... //
ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ... //
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ...
ආදරේ රන් බිඟුන්... //
රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ... //
ලෙවන් කීවත් ලදේ සෙනේ
සුපුන් සඳ ඔබ තමයි මගේ...
ආදරේ රන් බිඟුන්...//
ගායනය - මර්වින් පෙරේරා
No comments:
Post a Comment