~ Piyamenne - JayaSri ~
පියමැන්නේ.. ඇයිද එසේ..
රිදවාලා.. ඔබ මාසිත මෙසේ..
දුර ගව්වේ.. මා ඉන්නේ..
මතකේ.. රැඳුණා.. ඒ සිතුවිල්ලේ..
සෙවණැළි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
රැළි මත සාගරේ..
මතුවේවා.. සදා ඒ සිහිනේ..
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ..
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ..
සිත ගත්තේ.. නැතුව නොවේ..
සැමදා.. එලෙස බලා.. ඇයි ඉන්නේ..
හද අරණේ.. රැඳුණු සෙනේ..
පුබුදා.. සොයනු මැනේ.. හසරැල්ලේ..
නැතුවත් මේ භවේ.. මතු එන ජිවිතේ..
සැමදා ඒ සෙනේ..
සතු වේවා.. සදා ළඳුනේ..
සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ..
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ.. //
ගායනය - ජය ශ්රී