~ Sanda kaluwara kura gagawith ~
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා..
වළාකුල කුදු නොමැති අහසේ
මලානික වුනු මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා..
සැඳෑ කළුවර....
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රුයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..
සැඳෑ කළුවර....
ගායනය - නන්දා මාලනී
No comments:
Post a Comment