~ mage hithata eya danuna ~
මගෙ හිතට එය දැනුනා.. මට ආදරේ හිතුනා..
මගෙ හීනයේ මට තුරුළු වූ.. ඒ ඔබම දැයි...
මගෙ නෙතට එය දැනුනා.. උණු කඳුලකින් තෙමා..
ඒ රාත්රීයේ මට හීතලෙන් තුරුළු වූ..
මගෙ ජීවිතේ පුරා.. ඔය රුව සටහන් වෙලා..
මට ජීවිතේ දුන් ආදරි ඒ ඔබම දැයි...
මම ලියු පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා... //
මම හීනයක් දුටුවා ඔය රුව මගෙම දැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඒ ඔබමදයි
මගෙ හීනයේ ඇවිත් ඔයා.. මගෙ ආදරේ අලුත් කලා..//
මම ආදරේ වෙලා මටත් හොරා ඒ ඔබට දැයි..
සිහිනයෙන් දුටු කතාවේ මගෙ තොල් පෙතිත් තෙමුනා
ඔබ ලගින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා... //
මම ලෝභ කම් කෙරුවා.. ඔබ මට අහිමි වෙයි කියා..
මගෙ හිත් කොනේ බැදි ආදරී.. ඒ ඔබම දැයි...
මගෙ හිතට එය දැනුනා.. මට ආදරේ හිතුනා..
මගෙ හීනයේ මට තුරුළු වූ.. ඒ ඔබම දැයි...
මගෙ නෙතට එය දැනුනා.. උණු කඳුලකින් තෙමා..
ඒ රාත්රීයේ මට හීතලෙන් තුරුළු වූ..
ඔබ කීව ඒ කතා.. මා මුව ගී තයක් වෙලා..
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා..
මා දෙස ආදරෙන් බලා..
මගෙ හිත කොනිත්තයි ඔයා..
සත්තයි ප්රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා......
සත්තයි ප්රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා......
.
ගායනය - ශිහාන් මිහිරංග