~ Mottu ~
මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනවා නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු
මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු
මොට්ටු දී ඈ හට වුනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා
උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු
ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදා හරි පෙන්නනව රැම්බො පාර්ට් ටූ
ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු
තුන්වේල කන්නේ දාලා සීට්ටු (දැන් ඉතින්)
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා... //
.
ගායනය - ලහිරු පෙරේරා