Monday, November 4, 2013

෴ සුදු පිච්ච මල් ෴

~ Sudu pichcha mal ~

සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ලු මං ආදරේ ඉල්ලන

ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි... //

ලලල්ලා ලලල්ලා ලාලා... //

සුදු සඳ එලියට ඇහැරෙයි කොඳ මල්
රෑ පුරා... හා හා
ඔබේ නෙතු කැල්මට නොපිපෙද පෙම් මල්
සිත පුරා... හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්....
ඉවසන්නේ... කොහොමද මං...

නිල් දිය කළඹන සුළඟක් වාගේ
නිදිවරා... හා හා
හදවත පුබුදන රහසක් කියමුද
රෑ පුරා... හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්....
ඉවසන්නේ... කොහොමද මං...

සුදු පිච්ච මල් හිනා...........

.
ගායනයා - තීක්ෂණ අනුරාධ සමගින් සෙව්වන්දි රනතුංග