Saturday, March 4, 2023

෴ දිවුරාලා පවසන්න ෴

~ Diwrala Pawasanna ~


දිවුරාලා පවසන්න මට ආදරේ නම්

මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්

එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක්කල්

ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්


හිරුමල් දෑතේ සඟවා වලා රොදක නැඟිලා

සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා

ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ

මුදුමල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ


සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා

ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා

සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා

ඕ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා


Tell me that your name is Miss So Beautiful

I like the way you move your face so beautiful

You took me for a ride in that convertible

And then she told me it's not affordable

I told you that you're the best in the world

Go just straight up, I know the way down to your curl

She's out swimming in my pool like goldfish

Now is the right time, be ready to make a wish


හිරුමල් දෑතේ සඟවා වලා රොදක නැඟිලා

සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා

ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ

මුදුමල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ


Song by CENTIGRADZ

No comments:

Post a Comment